අධිසංවාතනය
අධිසංවාතනය දී ඉතා සරල ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කෙරෙන නිසා මෙය දකෂ ප්‍රථමාධාරකරුවෙකුට ඉතා සරල තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැක. මානසික කම්පන, සිත් තැවුල් (අසුභ ප්‍රවෘත්ති හදිසියේ දැන ගැනීම නිසා) යනාදිය නිසා මෙම ස්වසන ගැටළුව ඇති වේ. මෙහිදි රෝගියා තද නින්දකට වැටිය හැකි අතර ඔවුන්ගේ ස්වසන අනුපාතය සාමාන්‍ය තත්ත්වයට වඩා පහත බැසිය හැක.
රෝග ලක්ෂණ සහ නිමිති
වෛද්‍ය ප්‍රතිකාර ඉතිහාසය
රෝගියා තැතිගැන්ම
ඉක්මන් තද නින්ද
තමාට කිසිම වාතාශ්‍රයක් නොලැඛෙන බවට රෝගියාට හැඟෙයි.
අතේ ඇඟිලි, කකුලේ ඇඟිලි, තොල් ආදිය පුපුරු ගැසීම.
ඇඟිලිවල නියපොතු ආසන්නයේ මස්පිඩු පෙරළීම.
ඉලක්කය
සාමාන්‍ය ස්වසන තත්ත්වය නැවත ඇති කිරීම.
රුධිරයෙහි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි කිරීම.
1. රෝගියා නිශ්චලභාවයට ගෙනවිත් ඔහුට හොඳින් කතා කිරීම.
2. ස්වසනය සඳහා වූ උපදෙස් ලබා දෙමින් ස්වසනයේ ශීඝ්‍රතාවය අඩු කිරීම.
3. කාබන්ඩයොක්සයිඩ් සිරුරට නැවත ලබා ගැනීම සඳහා හැකි නම්, කඩදාසි
උරයක් ගෙන තුවාලකරුගේ මුඛය සහ නාසය ආවරණය වන සේ තබා
ස්වසනය කිරීමට සලස්වන්න.


