අසාත්මිකතා (Allergic Reaction)

ඇදුම රෝගයේ රෝග ලක්ෂණ, නිමිති සහ ප්‍රතිකාර

මූලික කරුණු

දරුණු අසාත්මික ප්‍රතික්‍රියා ඉතා දුලබ ය. නමුත් මෙහි දී ස්වසන මාර්ගයට හෝ ස්වසනයට බලපෑමක් සිදුවුවහොත් විනාඩි ගණනකින් මරුමුවට පත්විය හැක.

පොදුවේ දැකිය හැකි අසාත්මික ප්‍රතික්‍රියා දක්වන දේ වනුයේ පළතුරු වර්ග, බිත්තර හෝ කිරි නිෂ්පාදන, කෘමීන් දෂ්ඨ කිරීම, මුහුදු ආහාර හෝ ඛෙහෙත් වර්ග (පෙනිසිලීන් වැනි) ආදිය යි.
ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් (ආගන්තුක ප්‍රෝටීන් වර්ගයක් සොයාගනු ලැබුවහොත් එම ප්‍රතිශක්තීකරන පද්ධති සෛල විසින් මුදාහරිනු ලබන ප්‍රධාන රසායනික ද්‍රව්‍ය ,හිස්ටමයින්, යනුවෙන් හඳුන්වනු ලැබේ.

අනාරක‍ෂිත ප්‍රතිචාරයක දී ශරීරයට නිකුත් කරනු ලබන අති විශාල හිස්ටමයින් ප්‍රමාණය අනුව රෝගී ලක‍ෂණ සහ නිමිති ඇති කරයි. රෝගියාට ඇතිවන ප්‍රධාන ප්‍රශ්නය ජීවිතයට පවා තර්ජනය විය හැකි ඉතා බිය ජනක ස්වසනය කිරීමේ අපහසුතාවය වේ.

රෝග ලක්ෂණ සහ නිමිති.

මුහුණ, දිව, තොල්, ගෙළ සහ ඇස් වල හදිසි ඉදිමීමක්
ස්වසනය කිරීමේ අපහසුතාව (අදාල පුද්ගලයා ඇදුම රෝගියෙකුට සමාන වන අතර, ස්වසන මාර්ගය ඉදිමීම දැකිය හැක.)
වේගවත් හා දුර්වල නාඩි වැටීම
සමෙහි රතු පැහැති පලූ ඇති වීම

මෙම සියලූ රෝග ලක‍ෂණ සහ නිමිති හැම විටම දැකිය නොහැකි අතර රෝගයේ උග්‍රතාවය මත එම රෝග ලක‍ෂණ රඳා පවතී.

ඉලක්කය

ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම

ප්‍රතිකාර

ගිලන් රථයක් කැඳවන්න. රෝගියාගේ තත්ත්වය පිළිබඳ ව හැකිතාක් තොරතුරු ඔවුන්ට සපයන්න.

තුවාලකරු සිහිය ඇතිව සිටින සිටී නම් වාඩි වී පහසුවෙන් ස්වසනය කිරීමට ඉඩ හරින්න.

උපකාරයක් ලැඛෙන තුරු රෝගියාගේ ස්වසනය නීරීක‍ෂණය කරන්න.

රෝගියා සිහිසුන් වන්නේ නම්, ක්‍රියාවලි පරීක‍ෂා කර බලන්න. අවශ්‍ය නම් CPR ලබා දෙන්න.

ආධාර ලබා ගත නොහැකිවීම.

ගිලන් රථයක් නොමැති නම් රෝගියාට පහසුවෙන් වාඩි වී සිටිය හැකි ආරක‍ෂිතව ප්‍රවාහනය කළ හැකි වූ ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගන්න. ත්‍රිරෝද රථයක් පාවිච්චි නොකරන්න.