ඇදුම (Asthma)

ඇදුම රෝගයේ රෝග ලක්ෂණ, නිමිති සහ ප්‍රතිකාර

මූලික කරුණු

ස්වසන මාර්ගයේ සෙම සිරවීමෙන් ඇතිවන පීඩාකාරී තත්ත්වයක් ලෙස ඇදුම රෝගය හඳුන්වා දිය හැක. මෙහි දී ස්වසන මාර්ගයේ පටක වලින් ඇලෙන සුළු සෙම වෑස්සී ස්වසනය් තවදුරටත් අපහසු කරයි.

ඇදුම රෝගය සඳහා බොහෝ කරුණු බලපෑ හැක. වාතය දූෂණය වීම, දුම් පානය, දූවිලි සහ හදිසි කම්පනය වැනි ප්‍රධාන හේතු මේ සඳහා බලපාන ප්‍රධාන සාධක වල අන්තර්ගත වේ.

මෙම රෝගයට මුහුණදෙන ආකාරය, රෝගයෙන් පෙලෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් දනිති. ඉහළට උරණ උපකරණයක් (සබය්කැර) මගින් හෝ දුම් ඇල්ලීම බොහෝ ඇදුම රෝගීන් විසින් කරගෙන යනු ලබන ප්‍රතිකාර ක්‍රමයකි. මෙම ස්වයං පාලන ප්‍රතිකාර ක්‍රමය බොහෝ ඇදුම රෝග සම්බන්ධයෙන් වූ රෝග ලක්ෂණ අඩු කිරීමට ඉවහල් වේ.

පර්යේෂණවල සාර්ථකත්වයන් සහ රෝගීන් විසින් තමන්ගේ ප්‍රතිකාර ක්‍රම යොදාගැනීම නොවන්නට, සියලූ වයස් කාණ්ඩවල රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක ප්‍රතිශතයක් සෑම වසරක ම දරුණු ඇදුම රෝගී තත්ත්වය නිසා මිය යති. ඇදුම රෝගයෙන් පීඩා විඳින තැනැත්තකුගේ හදිසි රෝගී තත්ත්වයන් සඳහා සූදානමින් සිටින්න.

රෝග ලක්ෂණ සහ නිමිති.

ස්වසනය කිරීම අපහසු වීම.

රෝගියා ස්වසනය කරන විට පෙණහළුවලින් ශබ්දයක් ඇති වීම.

පීඩාව සහ අවුල් සහගත බව

දරුණු අවස්ථාවල දී රෝගියාට කතා කිරීම අපහසු වීම.

තොල් නිල් පැහැයට හැරීම

නාඩි වැටීම වේගවත් වීම

නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන්න

ඉලක්කය

රෝගියාගේ ස්වසනය පහසු කිරීම

ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සූදානම් කිරීම

රෝගියාව සනසවන්න.

රෝගියාට සුව පහසු ආකාරයට වාඩි වීමට උපකාර කරන්න. මේසයක්, පුටුවක් ආදිය මත ඉදිරියට නැමී, හේත්තු වී සිටීමට සලසන්න.

පිරිසිදු වාතය සැපයෙන බවට තහවුරු කරගන්න. දූවිලි හෝ වාහන දුම් වැනි වායු දූෂක වලින් තොර පිරිසිදු වාතය සැපයෙන ආකාරයට කටයුතු කරන්න. (හැකිනම් ජනේලයක් විවෘත කරන්න)

විදුලි පංකා තිබේ නම් ක්‍රියාත්මක කරන්න.

රෝගියාට තමාගේම ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීමට ඉඩ දෙන්න.