සපාකෑම් සහ දෂ්ඨ කිරිම්

මූලික කරුණු

සපාකෑම් සහ දෂ්ඨ කිරිම් විශේෂයෙන්ම ළමයින්ට වේදනාකාරි සහ පීඩාකාරී විය හැකිය. මාරාන්තික විෂ සහිත සර්පයින්, මකුළුවන්, ගෝනුස්සන් ආදි සතුන් බොහෝ රටවල ඇත. මිනිස්සු විශාල පිරිසක් සර්පයින් දෂ්ඨ කිරීම නිසා අධික ආසාත්මිකතා වලින් පෙලෙයි.

සතෙකු සපා කෑ විට ප්‍රභේද දෙකක තුවාල ඇති වෙනු ඇත.
සිරුරේ පටක විනාශ කරමින් සම මතුපිට කඩතොලූ වීමෙන් සෑදෙන තුවාල

සිරුර විදගෙන අභ්‍යන්තරය දක්වා ඇතිවෙන තුවාල

විෂබීජ තුවාලයේ අභ්‍යන්තරය දක්වා ඇතුල්විය හැකි බැවින් මෙම ගැඹුරු සිරුර විදගෙන යන තුවාල මගින් රෝගියාට විශාල ගැටළු ඇති කරයි.

ඉලක්කය

ඔබගේ DRABC ක්‍රියාවලිය සිදු කරන්න

හැකි නම් සම මතුපිට ඇති තුවාල ගලාගෙන යන ජලයෙන් අවම වශයෙන් මිනිත්තු 05ක් පමණ සෝදන්න

සබන් සහ ජලය පාවිච්චි කරමින් තුවාලය සෝදන්න

පිටගැස්මට එරෙහි ව සහ පිස්සුබලූ රෝගය සඳහා වන එන්නත් අවශ්‍යය වේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනිම සඳහා රෝගියාට උපදෙස් දෙන්න

වඩා වැඩි හානිදායක තුවාල සදහා ඍජු පීඩනයක් මගින් රුධිර වහනය පාලනය කරන්න

තුවාල විෂබීජ රහිත වෙලූම් පටියකින් ඔතා රෝගියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙනියන්නග හැකිනම් ඔහුව/ ඇයව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත් කරන්න

කෘමීන් දෂ්ඨ කිරීම්

 

මූලික කරුණු

කෘමීන් දෂ්ඨ කිරීම වේදනාකාරි වූ වත් එතරම් සංකීර්ණ අවස්ථා ලෙස දැක්විය නොහැකි කෘමි දෂ්ඨනය රෝගියාට ආසාත්මික වීම, රෝගියාගේ මුඛය දෂ්ඨ කර තිබීම වැනි අවස්ථා කීපයක දී හැර අනිත් සෑම අවස්ථාවක දී ම ස්ථාන කීපයක දෂ්ඨන පැවැතියත් ඒවා සරල තත්ත්ව ලෙස හැඳින්විය හැක.

ඉලක්කය

වේදනාවට සහ ඉදිමීමට සහනය ලබාදීම
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම

ප්‍රතිකාර

මූලික ක්‍රියාවලිය තක්සේරු කරන්න.

හැකි නම්, කුඩා අඩු සමග දලය ඉවත් කරන්න.

එකට සම්බන්ධ වී ඇති විෂ සහිත කෝෂ පොඩි නොකිරීම පිළිබද ව සැලකිලිමත් වන්න. (අඩු ඉවත් කර නැති අවස්ථාවලදී)

වේදනාව සහ ඉදිමිම අඩුකිරිම සඳහා සිසිල් වෙලූමක් යොදන්න.

ඉදිරි දිනයේ දී හෝ පසුව වේදනාව සහ ඉදිමීම අඩුනොවේ නම් රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උපදෙස් දෙන්න.

රෝගියාගේ මුඛයට සතෙකු දෂ්ඨකර ඇතිවිට රෝගියාට අයිස් උරන්නට සලස්වන්න. අයිස් නොමැති නම්, යෝග්‍යය ශීත බීම වර්ගයක උගුරු කිහිපයක් දෙන්න. වෛද්‍ය ආධාර ලබාදීම සඳහා රෝගියා වහාම ගෙනගොස් ක්‍රියාවලිය පරීක්ෂා කරන්න. රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා බලාපොරොත්තුව සිටින විට හෝ ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර දී රෝගියා ව සනසවන්න.

රෝගියා යම් මැසි හෝ මදුරු විශේෂයක් විසින් කරන ලද දෂ්ඨ කිරීමකට ගොදුරු වී ඇති විට සහ ස්ථාන කිහිපයකටම දෂ්ඨකර ඇති විට රෝගියා වෙතට ළඟා වී ප්‍රතිකාර කිරිම ආරක්ෂිත බවට හැෙඟන තුරු එසේ නොකරන්න.

රෝගියා ඉතා පහසු ඉරියව්වක තබන්න.

රෝගියා නිශ්චලව තබා ඔහුව/ ඇයව සනසවන්න.

DRABC ක්‍රියාවලිය පරීක්ෂාකර බලන්න. පුනරුත්ථාපනය සඳහා සුදානම් ව සිටින්න.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගියා ව සුදානම් කරන්න.

සර්පයින් දෂ්ඨ කිරීම
මාරාන්තික සර්ප දෂ්ඨන සම්බන්ධයෙන් ලොව ඉදිරියෙන් ම ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැක. විෂ සහිත සර්පයන්ගේ දෂ්ඨන සමහර අවස්ථාවල දී විෂදායී නොවීමට ද ඉඩ ඇත. විෂ ශරීරගත විමේ සලකුණු පෙන්නුම් කරන්නේ නම් පමණක් ළමුන් සඳහා Anti venom ප්‍රතිකාර ලබාදිය යුතු බව අලූත්ම නිර්දේශය වේ. එවැනි සලකුණු නැත් නම් ඒ සඳහා වන ප්‍රතිකාරය සාමාන්‍ය සතුන් සපාකෑමකට දෙන ප්‍රතිකාරය ම විය යුතු ය

සියලූ සර්පයන් දෂ්ඨ නොකරයි.
සියලූ සර්ප දෂ්ඨ කිරිම් විෂ සහිත නැත.
සියලූ විෂකුරු සර්ප දෂ්ඨ කිරීම් මාරාන්තික නැත.


පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගැනීම වැදගත්ය.

සියලූ සර්පයන් දෂ්ඨ නොකරයි.

සියලූ සර්ප දෂ්ඨ කිරිම් විෂ සහිත නැත.

සියලූ විෂකුරු සර්ප දෂ්ඨ කිරීම් මාරාන්තික නැත.

විෂකුරු සර්පයන්

ශ්‍රී ලංකාවේ ගොඩබිම, මිරිදිය සහ කරදිය වසන සර්ප විශේෂ 93ක් සිටිති. මෙම
සර්පයන්ගෙන් වැඩිදෙනෙකු හිංසාකාරී නොවේ. මෙම සර්පයන්ගෙන් කිහිප දෙනෙකු මාරාන්තික ඉතා විෂකුරු සර්පයන් ලෙස සලකනු ලබයි. ගොඩබිම වාසය කරන අතිශය විෂකුරු සර්ප විශේෂ 05ක් අතුරින් සර්ප විශේෂ 04ක් විසින් සිදුකරනු ලබන දෂ්ඨ කිරීම් මගින් මරණ සිදූවීමට ඉඩ ඇත.

මෙම අතිශය විෂකුරු සර්පයින් 04 දෙනා නම් තිත් පොළඟා, නයා , තෙල් කරවලා , දුනු කරවලා යන සර්පයින් ය.

වැලැක්වීම

සර්පයින් සාමාන්‍යයෙන් හමුවනුයේ මිනිසුන් වාසය කරන වාස භූමි ආසන්නයේ ය. මිනිසුන් විසින් අනුගමනය කරන විවිධ ආරක‍ෂිත පියවර නිසා ලංකාවේ සර්ප දෂ්ඨන අනතුරු ප්‍රමාණය වර්තමානයේ අඩුමට්ටමින් පවතී. පහත දැක්වෙන පියවර මේ සඳහා නිර්දේශ කළ හැක.

1. බොහෝ විට සර්පයින් දෂ්ඨ කරනුයේ මිනිසුන්ගේ පාදවලට ය. සර්පයින් බොහෝ දුරට ගැවසිය හැකි ප්‍රදේශවල ගමන් කරන විට හෝ වැඩ කරන විට ඔබ විසින් සපත්තු හෝ පාදය සම්පූර්ණයෙන් ම වැසෙන උස සපත්තු සහ වළලූකර දක්වා වැසෙන ඇඳුම් ඇඳීම මගින් පාද ආරක්ෂාකර ගත යුතු ය. මෙවැනි සර්පයින් ගැවසෙන ප්‍රදේශ සඳහා උස තණකොළ වලින් ආවරණය වු බිම් ප්‍රදේශ හෝ අධික යටි රෝපණයක් ඇති ප්‍රදේශ, කැලෑ පාරවල් සහ විශේෂයෙන් අස්වැන්න නෙලීමට සහ වල් පැළ නෙලිමට ඇති කෘෂිකාර්මික ඉඩම් ඇතුලත් වේ.

2. සර්පයින් ගැවසෙන පරිශ්‍රයන්හි ඇවිදින විට කෝටුවක් රැගෙන යා යුතු අතර, ඔබ යන මාර්ගය අවට ඇති තණකොළ සහ යටි රෝපණ ඇවිස්සීම හෝ එයට තට්ටු කිරීම සඳහා මෙම කෝටුව පාවිච්චි කරන්න. සර්පයින් පෑගීම වැලැක්වීම සඳහා රාත්‍රියට විදුලි පන්දමක් පාවිච්චි කරන්න.

3. ශබ්ද නගා වේගයෙන් පොළව මත අඩි හැප්පීම මගින් සර්පයින් ඔබ යන මාර්ගයට ළඟාවීම වලක්වා ගත හැකි ය. සර්පයින් සංසන්දනාත්මක ව වායුගෝලීය ශබ්ද ශ්‍රවණය කිරීමට අපොහොසත් නමුත් පොළොවේ සිදුවන තරංගවලට ඉතා සංවේදී ය.

4. කූඹි ගුල්, ගස් ඛෙන, යටි රෝපණ සහ ලී කොට යටට ඔබගේ අත් නොදමන්න. මිනිසුන්ගේ වාස භූමි ආසන්නයේ සර්පයින් ගැවසෙන පරිශ්‍රයන් පිරිසිදු කිරීම අත්‍යවශ්‍යය වේ. කූඹි ගුල් විනාශ කර ගස් ඛෙන පිරිසිදු කරන්න. වැටුණු ගස්, දැව කඳන් හා දර අවට තිබීමට ඉඩ නොතබන්න. ඔබ විසින් ලී කොට, ගස් කැබලී ආදිය ඔබ වැඩකරන විට ඉවත් කිරීමට සිදුවේ නම්, ඒවා යට සර්පයින් ගැවසිය හැකි බැවින් එ සඳහා පෙරසුදානම් වීම් සිදුකරන්න.

5. සර්පයන්ගේ ග්‍රහණයට ලක්විය හැකි මීයන්, ගෙම්බන්, කටුස්සන් වැනි සතුන් බෝ නොවන ලෙස ඔබගේ වාසස්ථානය සහ වට පිටාව තබාගැනීම සදහා කුණු ගොඩවල් සහ සුන්බුන් අවට ඇත් නම් ඒවා නිතිපතා ඉවත් කරන්න.
6. සර්පයින් පාලනය කිරීම හෝ ඇල්ලීම හෝ ඒ සඳහා දැනුමක් ඇති අය විසින් ක ළ යුතු ය. මියගොස් ලෙස පෙනෙන සර්පයෙකු පවා තවමත් සජීවී විය හැකි අතර මියගොස් ඇති විට පවා පහර දීම හෝ දෂ්ඨ කිරීමක් පරාවර්තනය වීිම සිදුවිය හැකි බැවින් එවැනි මියගිය ලෙස පෙනෙන සර්පයින් ප්‍රවේශමෙන්
පාලනය කල යුතු ය.

ප්‍රථමාධාර

සර්පයින් දෂ්ඨකිරීමට ගොදුරු වූ තැනැත්තන් හට නිතර ම සක්‍රිය ප්‍රථමාධාර සපයනු ලැබිය යුතු ය. සිරුරේ පටක තුළට ගොස් ඇති විෂ පැතිරීම වැලැක්වීම හෝ අවමකිරීම එමගින් සිදුවන අතර එම දෂ්ඨ කිරීම් මගින් සිදුවන අසීරු තත්ත්වයන් වැලැක්වීම හෝ අවම කිරීමද ඒ තුළින් සිදුවනු ඇත. වැරදි ප්‍රතිකාර මගින්ද හානි සිදුවිය හැකි ය.

පහත දැක්වෙන සරල, ප්‍රායෝගික, සක්‍රිය සහ ආරක්ෂිත පියවර මේ සඳහා නිර්දේශ කරනු ලැබිය හැකි ය.
සර්පයකු දෂ්ඨ කළ විට යම් තැනැත්තකුගේ ප්‍රධානතම ප්‍රතිචාරය වනුයේ බියවීම යි. මේ සඳහා ගොදුරු වු තැනැත්තා තමා මිය යන්නේ යැයි සිතනු ඇත. රෝගියා අස්වසාලීම ප්‍රධාන කාරණය වන අතර එය ඉතා සුභවාදී ආකාරයට වැඩි වේලාවක් සිදුකළ යුතු යි. පහත දැත්වෙන කරුණු මෙහි ලා අවධානයට ගනු ලැබිය යුතුය.
බොහෝ සර්පයින් විෂකුරු නොවේ. සපාකන ලද සර්පයා විෂකුරු සර්පයෙක් වුව ද විෂ ශරීරයට ඇතුල් නොවි තිබිය හැකි ය. විෂ ශරීර ගත විමක් සිදු වී තිබුණ ද රෝහල් වල සක්‍රිය ප්‍රතිකාර ක්‍රම ඇති අතර සම්පූර්ණයෙන්ම රෝගියා සුව විය හැකි ය.


සර්පයෙක් දෂ්ඨ කළ රෝගියා සහ විශේෂයෙන් ම සර්පයෙකු දෂ්ඨ කළ අවයවය නිශ්චලව තැබිය යුතු ය.

එනම්:-
(අ) දෂ්ඨ කළ රෝගියාගේ අවයවය හෝ රෝගියා සොලවන්නේ නම් එවිට දෂ්ඨ කිරීම මගින් සිරුරට ඇතුල් වී ඇති විෂ, ශරීරයට අවශෝෂණය විම වේගවත් වනු ඇත. එම නිසා රෝගියා නිශ්චලව තබන්න. රෝගියාට ඇවිදින්නට ඉඩ නොදී ඔහුව/ඇයව ඔසවාගෙන යෑම යෝග්‍යය වේ.
(ආ)විෂ ශරීරයට අවශෝෂණය විමේ වේගය අඩුකිරිමට අමතර ව, රෝගියා නිශ්චලව තැබීම මගින් ද වේදනාව අඩුවනු ඇත. ලී කැබැල්ලක් සමග ගැට ගැසීම මගින් සර්පයින් දෂ්ඨ කළ අවයවය නොසෙල්වා තැබිය හැකි ය.
සමෙහි මතුපිට පවතින විෂ ඉවත් කිරිම සඳහා, සබන් සහ ජලයෙන් රෝගියාගේ දෂ්ඨ කළ ප්‍රදේශය සේදීම හෝ තෙත් රෙදි කැබැල්ලකින් පිස දැමීම කළ හැකිය.විෂ සහිත සර්පයෙකු දෂ්ඨකිරිමෙන් පසු දෂ්ඨ කිරීමට හසු වූ රෝගියාගේ අවයවයඉදිමීම සාමාන්‍ය බාහිර ලකෂණයක් වේ. ඉදිමීමක් සිදුවීමට ඉඩ ඇති අවස්ථාවල දී එම ඉදිමීමට අවහිරවන්නා වූ රෝගියාගේ මුදු, වළලූ, පාසලඹ, දම්වැල් හෝ ඇඳුම් හැකි ඉක්මනින් ගලවා ඉවත් කිරීම මගින් සිදුවිය හැකි හානි වලක්වාගත හැකිය.වේදනාවට සහනයක් වශයෙන් පැරසිටමෝල් පෙති දෙකක් ලබාදිය හැකි ය.
රෝගියා හැකි ඉක්මනින් රෝහලවෙත ගෙන යන්න. දෂ්ඨ කරන ලද සර්පයා පණපිටින්හෝ මියගොස් ඇති නම් ඒ ආකාරයෙන් රෝහලවෙත රැගෙන ඒම වැදගත් ය. එමගින්වෛද්‍යවරයාට අදාල සර්පයා ව හඳුනා ගැනීමට හැකියාව ලැබේ. සර්පයා හඳුනාගනු ලැබූ විට එම දෂ්ඨ කිරීම සම්බන්ධ ව කළමනාකරණය සඳහා පහසු වේ. පණඇති සර්පයින් ප්‍රවේශමෙන් අල්ලාගනු ලැබිය යුතු ය.

ඔබ විසින් නොකළ යුතු දේ

උරා බීම නොකළ යුතු ය. විෂ උරා ඉවත් කිරීමට නොහැකි තරම් වූ ශරීර අභ්‍යන්තරය දක්වා සර්පයින්ගේ විෂ ශරීරය තුළට ඇතුල් වෙනු ඇත. අදක්ෂ තැනැත්තන් විසින් විෂ උරා ඉවත් කිරීමට උත්සාහ ගැනීමේදී තුවාල වලින් අධික ලෙස ලේ ගැලීම ස්නායු බද්ධ නහර, රුධිර නාලිකා සහ නහර වලට හානි වීම සිදුවිය හැකි අතර, එමගින් රෝගබීජ පැතිරීම වැනි වෙනත් අමතර ගැටළු ද ඇතිවිය හැක.

සර්පයන් දෂ්ඨ කිරීම සඳහා ප්‍රථමාධාර ලබා දීමේදී, රුධිර වහනය නවතාලීම සඳහා තිරිංග යෙදීම වැනි ක්‍රියා සිදුකිරීම මතභේදයට තුඩු දී ඇති කරුණු වේ. මෙවැනි ක්‍රියා අදක්ෂ තැනැත්තන් විසින් සිදුකිරිමේ දී යහපත් ප්‍රතිඵලවලට වඩා අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි ය. එම නිසා එය අනුමත නොහැක.

මෙම සර්පයින් දෂ්ඨකළ ස්ථානවල කොන්ඩිස් කැට(පොටෑසියම් පර්මැංගනේට්) වැනි රසායනික ද්‍රව්‍යය ආලේප කළහොත් එමගින් සිරුරේ පටකවලට හානි සිදුවිය හැකි බැවින් එවැනි රසායනික ද්‍රව්‍යය ආලේප නොකළ යුතු ය.

තෙල් හෝ ~නස්න~ වැනි දියර වර්ග නාසයට වත්කිරීම සිදු කරන්නා වූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම භයානක අතර එවැනි ක්‍රියා සඳහා ඉඩ දෙනු නොලැබිය යුතු ය. එමගින් පෙණහලූ ආශ්‍රිත ආබාධ හෝ සදාකාලික බිහිරිභාවය ඇති විය හැකි ය.

මධ්‍යසාර මගින් විෂ ශරීරයට උරා ගැනීම වේගවත් කරන නිසා මධ්‍යසාර සර්පයින් දෂ්ඨකළ රෝගීන්ට නොදිය යුතු ය.

තැඹිලි සහ කුරුම්බා වතුර මෙන් ම පළතුරු යුෂ රෝගියාට නොදිය යුතුය. සර්පයෙකු දෂ්ඨ කිරිම හේතුවෙන් වකුගඩු වලට හානි සිදුවිය හැකි පොටෑසියම් එකී පානවර්ගවල තිබිය හැක.

විශේෂයෙන්ම තිත්පොළඟකු දෂ්ඨකළ විට ඇස්ප්‍රීන් ලබාදුනහොත් එමගින් උදරයෙන් රුධිරය ගැලීමක් සිදුවිය හැකි නිසා ඇස්ප්‍රීන් මෙවැනි රෝගියෙකුට නොදිය යුතු ය.

ඔබ කලබල නොවිය යුතු අතර ඉතා සන්සුන්ව රෝගියාගේ තත්ත්වය නරක අතට හැරිය හැකි දේවලට එරෙහිව කටයුතු කළ යුතු ය.