තුවාල සහ ලේ ගැලීම්

තුවාල සහ ලේ ගැලීම් සම්බන්ධ රෝග ලක‍ෂණ, නිමිති සහ ප්‍රතිකාර

මූලික කරුණු

සම මතුපිට හෝ අභ්‍යන්තර පටකවල සිදුවන කැඩීයාම් හෝ තුවාල බාහිර ලේ ගැලීම් හෝ අභ්‍යන්තර ලේ ගැලීම් ලෙස විස්තර කළ හැකි ය.

විවෘත තුවාල - බාහිර ලේ ගැලීම්

බොහෝ විවෘත තුවාල සෑම දිනක ම සිදුවන කැපීම් හා ගැටීම් විය හැකි වුව ද ඇතැම් තුවාල භයානක සහ දරුණු ලේ ගැලීම් සිදුවන තුවාල විය හැකි ය.

සංවෘත තුවාල - අභ්‍යන්තර ලේ ගැලීම

ප්‍රථමාධාර දැනුම ඇති තැනැත්තෙකු විසින් ක්‍රියාකරනු ලබන සංවෘත තුවාලයක් සාමාන්‍ය තැලීමක් විය හැකි ය. අස්ථී බිඳීමක් වැනි අභ්‍යන්තර තුවාලයක් ඇති විට තැලීම් ඉතා අනතුරුදායක විය හැකි අතර, බාහිර ස්ථරයට යටින් වූ අවයවයන් වටා එම තැලීම් බලපා ඇති විටද, තැලීම් ඉතා අනතුරුදායක විය හැකි ය. තුවාලයක් හේතුවෙන් ශරීරයෙන් රුධිරය සහ වෙනත් ශ්‍රාවයන් පිටවිය හැකි අතර, තුවාලය විවෘත විට විෂබීජ ඇතුළු විය හැකි ය. මෙයින් විවිධ රෝග බෝවීමට හැකිය. නිතර ම ප්‍රථමාධාර කරු තමාගේ ආරක‍ෂාව ගැන සැලකිලිමත් විය යුතුය. රුධිරය සහ සිරුරේ වෙනත් ශ්‍රාවයන් මගින් AIDS සහ හෙපටයිටීස් බී වැනි වෛරසයන් ගෙනයා හැකි ය.හැකිනම් ප්‍රථමාධාර ලබා දීමට පෙර ඔබ විසින් අත් වැසුම් දමා ගැනීම හෝ ඔබගේ අත් ෂෝපිං බෑග් තුළට දමා ගැනීම සිදුකරන්න. රෝගියාගේ ජීවිතය අවදානමක ඇති අවස්ථාවක දී සහ ඔබට අත් වැසුම් නොමැති අවස්ථාවක දී සැබෑ අනතුරක් ඇති විට මෙවැනි අත් වැසුම් හෝ ෂෝපිං බෑග් නොමැති වීම ඔබගේ ප්‍රථමාධාර සේවය වැළැක්වීමට හේතුවක් නොවිය යුතු ය. නොකැඩුණු සම වෛරස් සඳහා ඉතා අනර්ඝ
බාධකයක් වන අතර තුවාලය සේ විවෘත ප්‍රදේශය ජලය උරා නොගන්නා රෙදි කැබැල්ලකින් එතීමට ඔබ පුහුණු වී සිටී නම් එය විෂබීජ ඇතුළුවීම වැළැක්වීමට ප්‍රමාණවත් ආරක‍ෂිත පියවරකි. ඔබගේ සමට රෝගියාගේ රුධිරය විශාල ලෙස ගෑවුනේ නම් හෝ රෝගියාගේ රුධිරය ඔබේ සිරුර පුරා ඉහිරුනේ නම් එවිට වෛද්‍යවරයෙකුගෙන් වහාම උපදෙස් ගන්න. අපි සෑම ආකාරයක ම තුවාල සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විමසා බලමු. සෑම සිදුවිමක් සම්බන්ධයෙන් ම ඔබගේ DRABC‍ ආරම්භක තක්සේරුව මතකයට ගෙන එක් එක් ප්‍රමුඛත්වය විය යුතු ක්‍රියාව සම්බන්ධව පිළිවෙළින් කටයුතු කරන්න.


ඉලක්කය

රුධිරය ගැලීම පාලනය කිරිම
කම්පනය සඳහා ප්‍රතිකාර කිරීම
රෝග බෝවීම වැලැක්වීම
උචිත අවස්ථාවල දී ආසන්නම සෞඛ්‍යය පහසුකම ලබාගැනීමට සූදානම් වීම
පිටගැස්ම සහ ජලභීතිකා රෝගය ගැන සැලකිලිමත් වීම

ප්‍රතිකාර

රෝගියාගේ තුවාලය කුඩා කැපීමක් පමණක් නම් ටික වේලාවක් තුවාලයෙන් ලේ ගැලීමට ඉඩ හරින්න (එමගින් තුවාලය පිරිසිදු වීම සිදු වේ.) ඉන්පසු ලේ ගැලීමනැවතීම සඳහා විනාඩි 10ක පමණ කාලයක් ඍජු පීඩනයක් ලබා දෙන්න. තුවාලය වටා ඇති ප්‍රදේශය අපිරිසුදු නම් පිරිසුදු ජලයෙන් සෝදා තුවාලය අවට හොඳීන් වේලෙන්නට ඉඩ හරින්න. ඉන්පසු තුවාලය ප්ලාස්ටරයක් වැනි සිනිඳු වෙළුම් පටියකින් ඔතන්න. වැලි කැට හෝ රොඩු වැනි දේ තුවාලයෙහි ඇලී ඇත් නම් එවැනි ද්‍රව්‍ය සාමාන්‍ය සේදීමකින් ඉවත් නොවනු ඇත. එවිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අධික ලේ ගැලීම

ප්‍රතිකාර

තුවාලය නිරාවරණය කරන්න.

තුවාලය ඇතුළට කිසිවක් (හෝ ඇට කැබලි) කාවැදී ඇත්දැ යි පරීක‍ෂා කර බලන්න.

තුවාලය තුළ දෘශ්‍යමාන කිසිදු ද්‍රව්‍යයක් නැත් නම් ඔබගේ අතේ ඇඟිලිවලින් සහ අත්ල උපයෝගි කර ගෙන තුවාලයට ඍජු පීඩනයක් ලබා දෙන්න.

විෂබීජ නැති රෙදි කැබැල්ලක් හෝ පිරිසිදු ඝන වෙළුමක් පාවිච්චි කර තුවාලය පිරිසිදු කිරීමෙන් පසු ව රෝගියාගේ එම තුවාලය සහිත අවයවය ඔසවන්න.

රෝගියාගේ තුවාලය සහිත අවයවය ඉහළට ඔසවා රෝගියාව දිගා කරන්න.

රෝගියාගේ කම්පනය සඳහා ප්‍රතිකාර කරන්න.

විනාඩි 10ක් තිස්සේ තුවාලය මතට පීඩනය ලබා දෙන්න.

ලේ ගමනාගමනය පාලනය වී ඇති විටෙක පළමුවෙන් වෙළන ලද ඝන වෙළුම එසේ තිබීමට හැර විෂබීජ නොමැති රෙදි පටියකින් සහ තුවාල වෙළුම් පටියකින් වෙළන්න. තුවාලයෙන් පහත කොටසට රුධිරය සංසරණය වීම වැළැක්වෙන බැවින්තුවාල වෙළුම් පටිය අවශ්‍ය ප්‍රමාණයට වඩා තදින් ගැට නොගසන්න.

වෙළුම් පටිය හරහා රුධිරය ඉවතට එරීම ආරම්භ වේ නම් වෙළුම් පටිය ඉවත් නොකරන්න. වෙළුම් පටියට උඩින් තවත් වෙළුම් පටියක් ඔතමින් තුවාල ආරක‍ෂා කරන්න.

මෙම වෙළුම් පටි 02ම හරහා රුධිරය ගලා ඒනම් එම වෙළුම්පටි 02ම ඉවත් කර වෙනත් පිරිසිදු වෙළුම් පටියක් / වෙළුම්පටි තුවාල වටා ඔතන්න.

ආගන්තුක දේහ

තුවාලය තුළ ආගන්තුක ද්‍රව්‍යයක් සිරවී ඇති විට තුවාලය ආවරණය කිරීම සඳහා පහත දැක්වෙන පියවර ගනු ලැබි යුතු ය.

තුවාලය තුළ සිර වූ ද්‍රව්‍යය තිඛෙන්නා වූ ස්ථානයට ඉහළින් වෙළුම්පටිය වටා ඝන වෙළුමක් යොදන්න. මෙම වෙළුම වළල්ලක් වැනි වෙළුමක් නොවිය යුතු ය.

තුවාලයට ප්‍රමාණවත් තරම් ඉහළින් ඝන වෙළුමක් යෙදිය නොහැකි නම් අදාළ ද්‍රව්‍යය සිරවී ඇති තුවාලය වටා ප්‍රවේශමෙන් වෙළුම් පටි යොදන්න.

ආගන්තුක ද්‍රව්‍යය මතට පීඩනයක් නොලැඛෙන පරිදි ඝන වෙළුම්වලට පසු ලිහිල් වෙළුම්පටි යොදන්න.

උපකාර ඉල්ලා සිටින්න. ස්වසනය කිරීම සහ නාඩි වැටීම පරීක‍ෂා කර බලන්න. එමෙන් ම වෙළුම්පටිය දමා ඇති තැනට පහළින් රුධිර සංසරණය පරීක‍ෂා කර බලන්න.

වෙළුම් පටිය ඉතා තද නම් තුවාලය අවට ප්‍රදේශය සීතල සහ දුර්වල විය හැකි අතර, රෝගියා අල්පෙනිති සහ ඉඳිකටු වැනි දේවලින් අනින්නාක් මෙන් දැනෙන බවට කියනු ඇත.

ඔබගේ නීරීක‍ෂණ සහ ක්‍රියාකාරකම් පිළිබඳ ව වෛද්‍යවරුන් වෙත ලබා දීමට වාර්තාවක් සකස් කරන්න.

හිසෙන් ලේ ගැලීම

මූලික කරුණු

හිසට ඉතා හොඳ රුධිර සැපයුමක් ඇති නිසා ත් හිස් කබල ආශ්‍රිත සම සහ අභ්‍යන්තර පටක පුළුල්ව විහිදී ඇති නිසා ත් හිසෙහි ඇති වන තුවාල මගින් ඉතා අධික ලෙස ලේ ගැලීමක් සිදු වේ. රුධිර වහනය වැඩිවීම නිසා හිසෙහි ඇති තුවාල වල විවර පුළුල්වීම සිදු වේ. හිසෙහි ඇති තුවාලයක් මගින් හිස්කබලට ද හානි සිදුවිය හැකි බව ප්‍රථමාධාරකරු විසිනA දැනගෙන තිබීම අත්‍යවශ්‍ය වේ. හිසෙහි දරුණු තුවාලයක් ඇති තැනැත්තෙකු හෝ හිසෙහි ඇති තුවාලයක් නිසාවෙන් සිහිසුන් වි ඇති රෝගියෙකු වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂාකර බැලිය යුතු ය.

ප්‍රතිකාරය

DRABC ක්‍රියාවලිය තක්සේරු කිරීමට මතක කබා ගන්න.
හැකිනම් සමෙන් ඉවත් වී ගිය හම් කැබලි නැවත ප්‍රතියෝජනය කිරීමට උත්සාහ
ගන්න.

ඔබගේ අත් සහ පිරිසිදු විෂබීජ නොමැති වෙළුම් පටි පාවිච්චි කරමින් ඉහලට ඍජු පීඩනයක් ලබා දෙන්න.

අභ්‍යන්තර බිඳුම් මතට පීඩනයක් ලැබිය හැකි බැවින් මෙම ක්‍රියාවලියේදී ඔබගේ ඇඟිලි පාවිච්චි නොකරන්න.

මිනිත්තු දහයක කාලයක් තිස්සේ පීඩනය ලබා දෙන්න

රෝගියා සිහියෙන් සිටී නම් එවිට රෝගියාගේ හිස සහ අත් තරමක් ඉහළින් සිටින අයුරින් ඔහුව/ඇයව දිගා කරන්න.

රෝගියා සිහිසුන්ව සිටී නම් එවිට ඔහු/ඇය සුවවීමේ ස්ථාපිතයේ තබන්න.

තුවාල ඉතා බරපතල නම් හෝ රෝගියා සිහිසුන් වී ඇත් නම්, රෝගියා ව ආසන්නතම වෛද්‍ය පහසුකම ලබා දීමට කටයුතු සුදානම් කරන්න.

වෛද්‍ය බලධරයන් වෙත බාරදීම සඳහා ඔබගේ නිරීක්ෂණ සහ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් සකස් කරන්න.

නාසයෙන් ලේ ගැලිම

මූලික කරුණු

නාසයෙන් ලේ ගැලීම් ඉතා සුලභ ගැටළුවකි. මේ සඳහා හේතුවන ප්‍රධාන කරුණ ලෙස නාසය හෑරීම හෝ නාසයේ අභ්‍යන්තර මතුපිට කැසීම, ඍජු පහරක් වැදීම හෝ කිවිසුම් යෑම සැලකිය හැකි ය. නාසයෙන් ලේ ගැලීම හා සම්බන්ධ විවිධ වෛද්‍යමය හේතුකාරක පවතින නමුත්, එසේ ලේ ගැලීමට අදාල හේතුව නොසලකා , බොහෝ විට එකම ප්‍රතිකාරය මේ සඳහා ලබාදෙයි.
1. රෝගියා වාඩි කරවා ඔහුගේ හිස ඉදිරියට නැවෙන්නට සලස්වන්න. මේ මගින් විවෘත වාතාශ්‍රය ලැඛෙන අතර රෝගියා හට වමනය යාමට හේතුවන්නා වු උදරය තුළට ලේ කාන්දු වීමද වලක්වාලනු ලබයි

රෝගියාට මුඛයෙන් ස්වසනය කර තමාගේ නාසයේ සියුම් කොටස විනාඩි 10ක් පමණ සෙමින් මිරිකන ලෙස කියා සිටින්න. නාසය තුළ ඇති ලේ කැටිති සෙලවීමට ඉඩ ඇති බැවින් රෝගියාට කෙල ගැසීම, කථා කිරීම, කැස්ස, ආහාර ගිලීම හෝ යමක් ආඝ්‍රාණය කිරීම නොකර සිටිමට උත්සාහ කළ යුතු බව කියා සිටින්න. නාසයෙන් වෑස්සි ඇති ද්‍රව්‍ය පිස දැමීම සඳහා සියුම් කඩදාසි කොල ලබාදීමට කටයුතු කරන්න.

මිනිත්තු දහයකට පසුව පීඩනය සෙමින් අඩුකරන ලෙස රෝගියාට කියන්න. තවමත් නාසයෙන් රුධිරය ගලයි නම් එවිට තවත් මිනිත්තු දහයක් නාසය සෙමින් මිරිකා සිටින ලෙස රෝගියාට කියා සිටින්න.

නාසයෙන් රුධිරය ගැලීම මිනිත්තු තිහකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවතියහොත් එවිට රෝගියා ව වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා දිය යුතු යි. රෝගියා ව ප්‍රතිකාර කර ඇති ඉරියව්වේ තබාගෙන වෛද්‍යවරයා වෙත ප්‍රවාහනය කරන්න.

රුධිර වහනය නැවතී ඇති අවස්ථාවක, රෝගියා ඉදිරියට නැවීමට සලස්වා යන්තම් උණු වී ඇති වතුරෙන් නාසය අවට ප්‍රදේශය පිරිසිදු කරන්න. මුහුණ සේදීම ද කරන්න.

ලේ කැටිති සෙලවීම වැලක්වීම සඳහා සහ නාසයෙන් ස්වසනය කිරීමෙන් ලේ කැටිති හෑරීම වැලැක්වීම සඳහා රෝගියාට පැය කිහිපයක් විවේකී ව සිටින ලෙස උපදෙස් දෙන්න.

තැලීම්

මූලික කරුණු

කලින් සඳහන් කළ ආකාරයට ම තැලීම් යනු එක්තරා ආකාරයක අභ්‍යන්තර රුධිර වහනයක් ලෙස දැක්විය හැක. තැලීම් බොහෝ විට සිදුවනුයේ ශරීරයේ අදාල ප්‍රදේශයට ඍජු පහරක් වැදීම හෝ තුවාල සිදුවීමක් හේතුවෙනි. බොහෝ තැලීම් ඉතා සෙමින් සුව වන අතර ඒවාට ප්‍රථමාධාර අවශ්‍යය නොවනු ඇත. ප්‍රථමාධාරකරුවෙකු ගේ අවධානය යොමුවිය යුත්තේ ඉතා ඉක්මනින් ඉදිමීමක් ඇතිවන තැලීම් සඳහා ය. මෙවැනි තැලීම් මගින් අභ්‍යන්තර තුවාල පෙන්නුම් කරනු ලැබිය හැකි ය.


ඉලක්කය

තුවාල සිදු වූ ශරීර ප්‍රදේශයට රුධිර සැපයුම අඩුකිරීම
ඉදිමීම, තැලීම සහ ෙවිදනාව අඩු කිරීම

ප්‍රතිකාර

DRAB ක්‍රියාවලිය නිතරම තක්සේරු කරන්න.

හැකි නම්, රෝගියා දිගාකර තුවාල සිදු වී ඇති කොටස සුවපහසු තත්ත්වයෙන් ඉහළට ඔසවා තබන්න. රෝගියා අපහසුතාවයෙන් පෙලෙයි නම් අස්ථී බිදීම් හෝ වෙනත් තුවාල තිබිය හැකි අතර එවිට වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මිනිත්තු විස්සක කාලයක් තැලීම් සහිත දේශයට සිසිල් පීඩනයක් (තැවිමක්) ලබා දෙන්න. අවශ්‍යය නම් තවන ලද ප්‍රදේශය වෙළුම්පටි වලින් ඔතන්න. රැලි සහිත වෙළුම්පටි භාවිත නොකරන්න. තුවාලයට යටින් ඇති ප්‍රදේශයට රුධිර සංසරණය වීම අඩුකරනු ලැබිය යුතු ය. පීඩනය ලබාදීම සඳහා ඔබ අයිස් සේ මිදුණ ජලය පාවිච්චි කරනු ලබන්නේ නම් ඒවා තුවායකින් හෝ ඊට සමාන රෙදිකඩකින් ඔතා සම පීඩනය කිරීම සඳහා යොදා ගන්න. ඔබට අයිස් රෙදි කඩකින් ඔතනු නොහැකි නම් අයිස් යවෙන්නට හැර එම ජලය පීඩනය ලබා දීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි ය. අයිස්කැට මිනිත්තු 15කට වඩා එක්වරකදී ප්‍රයෝජනයට නොගත යුතු ය
.
ඔබ රෝගියා වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා යොමු කරන විට ඔබගේ පරීක්ෂණ හා ක්‍රියාකාරකම් වාර්තාවක් සකස්කොට භාර දෙන්න.