බිඳුණු හිස් කබල
මූලික කරුණු
හිස් කබල බිඳීම මගින් මොළය කම්පනය වීම හෝ මොළය පීඩනයට පත්වීම සිදු
විය හැක. මෙවැනි අවස්ථාවල දී බොහෝ රෝගීන් සිහිසුන් වන මුත් එසේ නොවන
අවස්ථා ද ඇත.
හිසට පහරක් වැදීම මගින් හෝ රෝගියාගේ හිස් කබලේ ප්‍රධාන කොටසට හානි
සිදුවීම සහ කොඳු නාරටිය ගැස්සීම සිදුවෙමින් යම් තැනැත්තෙකු බිම වැටීම සහ
දෙපතුල බිමට සිටින සේ වැටීමෙන් හිස් කබල බිඳිය හැකිය.
හිසෙහි තුවාලයක් දරුණු අවස්ථාවක දී හෝ යම් තැනැත්තෙකු දෙපා බිමට සිටින
සේ වැටෙන විට එම තැනැත්තාගේ හිස් කබල බිදීමේ හැකියාවක් ඇති බවට ප්‍රථමාධාර
කරු තීරණය කළ යුතු ය.
රෝග ලක්ෂණ, නිමිති සහ ප්‍රතිකාර
හිස තුවාල වීම හෝ බිම වැටීම පිළිබඳ රෝගියා සතු ඉතිහාසය
හිසෙහි ඇති තුවාල හෝ තැලීම්
හිස් කබලේ ඇති සමෙහි සියුම් ස්ථාන හෝ පළුදු දක්නට ලැබීම ඉදිමීම්
කනෙන් හෝ නාසයෙන් දියර හෝ ලේ තැවුරුණු දියර ගැලීම
ඇස්වලට හෝ කන්වලට පිටුපස කොටස තැලී තිබීම (හිස් කබලේ මූලික කොටස බිඳි තිබීම)
ඉලක්කය
ස්වසන මාර්ගය විවෘතව පවත්වාගෙන යාම
ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම
ප්‍රතිකාර
ඔබගේ මූලික DRABC ක්‍රියාවලිය තක්සේරු කරන්න.
2. රෝගියා සිහිසුන් ව සිටි නම් හා ස්වසනය කරයි නම් එවිට රෝගියා ව සුවවීමේ ස්ථාපිතයේ තබන්න. රෝගියා සිහියෙන් සිටී නම් ඔහුව/ ඇයව දිගා
කර රෝගියාගේ හිස සහ අත් ප්‍රවේශමෙන් ඔසවා ආධාරකයක් මත තබන්න.
3. කෙනෙකුගේ යම් කිසි බහිස්‍රාවී ද්‍රව්‍යයක් ඉවතට පැමිණ ඇත් නම් කන පිරිසිදු වන ලෙස ඒවා ඉවත් කරන්න. ඉන්පසු එම ස්ථානය විෂබීජ රහිත රෙදි
කැබැල්ලකින් හෝ පිරිසිදු වෙලුම් පටියකින් වසන්න. තවත් ආරකෂිත වෙළුම්
පටියක් මගින් එය තවත් ශක්තිමත් කරන්න. කන ඇතුළට කිසිවක් ඇතුළු
නොකරන්න.
4. හිසෙහි සමෙන් සිදුවන ලේ ගැලූම් පාලනය කරන්න.
5. වෛද්‍යාධාර ඉල්ලා සිටින්න.
6. ඔබ ළග Z පෑනක් හෝ පැන්සලක් ඇත් නම් සෑම මිනින්තු දහයකට වරක් ම තුවාලකරුගේ සිහිකල්පනා මට්ටම, (AVPU) ස්වසනය සහ නාඩි වැටීම,
වෛද්‍ය ප්‍රතිකාර ලැඛෙන තෙක් පරිකෂා කර බලමින් සටහන් කරගන්න.
හිසෙහි තුවාල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රථමාධාරකරුවකු විසින් දැනගත
යුතු තවත් එක් පැතිකඩක් ඇත. සිහිසුන් වීමට ප්‍රමාණවත් වන්නා වූ ඇතැම් තුවාල
ගෙලට ද අහිතකර ලෙස බලපෑ හැකිබව ඔබ මතක තබා ගත යුතු ය. ඔබට
රෝගියාගේ හිස සහ ගෙල නිශ්චලව තබා ගැනීම අසීරු නම් අඩුතරමේ එය අවම කර
ගැනීමට වත් කටයුතු කරන්න.
ආධාර ලබාගත නොහැකිව සිටින විට
ගිලන් රථයක් නොමැති අවස්ථාවක දී හිසෙහි තුවාල ඇති රෝගියා යථා තත්ත්වයෙන්සහ ආරකෂිත ඉරියව්වෙන් ප්‍රවාහනය කිරීමට පහසුවන්නා වූ ප්‍රවාහන ක්‍රමයක් තෝරාගන්න.
අවවාදයයි:
කොඳු ඇට පෙළෙහි තුවාල සිදු වීමෙන් හැකියාවක් ඇත. තී්‍ර රෝද රථ පාවිච්චි නොකරන්න.













