පිළිස්සීම්



VIDEO 21- පිළිස්සීම් ඇති තුවාලකරුවකු ඇ‍‍‍‍ඟින් නිවීම


පිළිස්සීම්වල රෝග ලක්ෂණ, නිමිති සහ ඒ සඳහා ප්‍රතිකාර

ප්‍රථමාධාරකරුවෙකු මුහුණ දෙන විවිධ ප්‍රථමාධාර කටයුතු අතරින් රෝගීයා හට වඩාත් පීඩා ගෙන දෙන වේදනාකාරි බවක් ලබා දෙන හදිසි අවස්ථා අතරට පිළිස්සීම් ද ඇතුලත් වේ. හුමාලය වැනි සාමාන්‍ය තාප ප්‍රමාණයක් මඟින් ද ගින්දර වැනි දැඩි තාප ප්‍රමාණයක් මඟින් ද පිළිස්සීම් සිදුවිය හැක. එනම් හුමාලයෙන්/ගින්දරින් පිළිස්සීම සිදුවන්නේ ඒවායින් ජනනය වන තාපය නිසා ය. රසායන ද්‍රව්‍ය ශරීරයේ පටකවලට ස්පර්ශවන විට තාපය මුදා හැරීම පිළිස්සීම් ඇති විය හැකිය. ඝර්ෂණය, විදුලි බලය, උදුන් සහ ඉතා අධික සීතල යනාදියද පිළස්සීම් සිදුවීම සඳහා හේතුවන වෙනත් සාධකයන් ය.

මූලික කරුණු

සියලූ පිළිස්සීම් සහ හුමාලයෙන් දැවීම් සමේ ආකාර තුනකට ගැඹුරට විහිදී ඇති ලෙස පැහැදිලි කළ හැක.

ශරීර උෂ්ණත්වය

නොගැඹුරු පිළිස්සීම්

පිළිස්සීම් රතු පැහැයක් ගැනීම
- වේදනාව සහ සම සියුමැලි වී තිබීම
- සම ඉදිමීම

තරමක් ගැඹුරු පිළිස්සීම්

පිළිස්සීම් රතු පැහැයක් ගැනීම
- වේදනාව සහ සම සියුමැලි වී තිබීම
- සම ඉදිමීම
- සම අමුගතියක් දැක්වීම
- බිබිලි ඇතිවීම

සිරුර සම්පූර්ණයෙන්ම ඝන ලෙස පිළිස්සීම

සිරුර දුර්වල වීම සහ සම දියවී යාම
- පටක දැවුණු ස්වභාවයක් ඇති වීම

සැලකිය යුතු ය

සිරුර සම්පූර්ණයෙන් ම ඝන ලෙස පිළිස්සී ඇති විට එය අවට ප්‍රදේශයේ තරමක් ගැඹුරු පිළිස්සීම් සහ නොගැඹුරු පිළිස්සීම් ඇතිවිය හැකි ය.

පිළිස්සුම් තුවාල වල ගැඹුර ප්‍රථමාධාරකරුවෙකු විසින් සලකා බැලිය යුතු අතර ඒවා වඩා ගැඹුරට විහිදී තිබීම ඉතා භයානක බව ද තේරුම් ගත යුතු ය. සිරුරේ වගඵලයෙන් 15% තරම් ප්‍රදේශයක පැතිරුණු ගැඹුරු පිළිස්සීමකට වඩා 30% ක් දක්වා පැතිරුණු නොගැඹුරු පිළිස්සීම් ඉතා භයානක මෙන්ම වේදනාකාරී විය හැක. වර්ග ඵලය වර්ග සෙන්ටි මීටර 2.5 ට වඩා වැඩි නොවන නොගැඹුරු තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය ම නොවන මුත් අත්ලේ වර්ග ඵලයට වඩා වැඩි වර්ගඵලයට පැතිරුණු තුවාල සඳහා වෛද්‍ය ආධාර ලබාගත යුතු ය.

සුළු පිළිස්සීම් සහ හුමාලයෙන් දැවීම
පිළිස්සීම නතර කිරීම
වේදනාවට සහ ඉදිමීමට සහනය ලබා දිම
විෂබීජ පැතිරීමේ අවදානම අඩු කිරීම

ඉලක්කය

ඔබ විසින් මූලික ප්‍රතිකාර තක්සේරු කිරීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ වහා ම, වේදනාව අඩුවන තෙක් අඩු වශයෙන් මිනිත්තු 10ක් පමණ කාලයක් ගලායන සිසිල් ජලයෙන් තුවාලය සහිත ප්‍රදේශය තෙමෙන්නට සලස්වන්න. (ගලායන සිසිල් ජලය නොමැති නම් අහිතකර නොවන යම් දියරයක් පාවිච්චි කළ හැක)
අදාළ පිළිස්සීම් සහිත ප්‍රදේශයෙන් මුදු සහ ඔරලෝසු වැනි දේ ඇත් නම් ඒවා

ප්‍රතිකාර

සෙමින් ඉවත් කරන්න. (මෙම කාර්යයේ දී රත් වී ඇති ලෝහ භාණ්ඩ වලින් ඔබ ව පිලිස්සීමට ඉඩ ඇති බැවින් ඉන් ආරක්ෂා වන්න.
අදාල පිළිස්සීම සහිත ප්‍රදේශය විෂබීජ රහිත රෙදි කඩකින් ආවරණය කරන්න.
පොලිතීන් කවරයක් ප්‍රමාණවත් තාවකාලික රෙදි කඩක් ලෙස පාවිච්චි කළ හැකි අතර, පිරිසිදු මෘදු ගතියක් නොමැති කපු රෙදි වලින් සාදන ලද කොට්ට උරයක් ව ැනි දෙයක් ද පිළිස්සීමක් හෝ හුමාලයෙන් දැවීමක් සඳහා යෝග්‍යය ආවරණයක් වනු ඇත.
- ලොම් සහිත මෘදු ද්‍රව්‍යය හෝ ඇලෙන සුලූ ඇඳුම් පාවිච්චි නොකරන්න.
- විසප්පු ආදිය පුපුරවන්න එපා.
- තුවාලයට ක්‍රීම් වර්ග, ආලේපන, මේද හෝ තෙල් ආලේප නොකරන්න.
- තුවාල වු ප්‍රදේශය ස්පර්ශ නොකරන්න.

බරපතල පිළිස්සීම්

බරපතල පිළිස්සීම් සහ හුමාලයෙන් පිළිස්සීම ප්‍රථමාධාර කරුට විශාල ගැටළුවක් වනු ඇත. පිලිස්සීමේ ප්‍රමාණය සහ ගැඔුර ගැන දැන ගැනීම සඳහා සිදුවීම් වටා ඇති කරුණු ඔබට උපකාරි වනු ඇත.
පිළිස්සීම නවතා වේදනාවට සහනය ලබා දීම

අවශ්‍යනම් පුනරුත්ථාපනය ලබාදීම

සිදුවීමෙන් හටගත් වෙනත් තුවාල සඳහා ප්‍රතිකාර ලබාදීම

විෂබිජ පැතිරීමේ අවදානම අවම කිරීම

වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම

මුහුණ සහ උගුර පිළිස්සීම

ශරීරයේ ඇතිවන මෙම පිළිස්සීම් සහ හුමාලයෙන් දැවීම් ජිවිතයට තර්ජනයක් විය හැකි ය. එමගින් ස්වසන අපහසුතා ඇතිකරමින් උගුරේ මෘදු පටක ශීඝ්‍රයෙන් ඉදිමීම සිදුවය හැකි ය.

රෝග ලක්ෂණ සහ නිමිති

මුඛය සහ නාසය වටා කළු පැහැයක් ඇතිවීම

නාසයේ ඇති රෝම පිළිස්සී තිබීම

මුඛය සහ නාසය පිළිස්සීම

කථා කිරීමට අපහසු වීම

ස්වසනය කිරිමට අපහසු වීම

ඉලක්කය

නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම
ස්වසන මාර්ගය විවෘතව පවත්වා ගෙන යාම

ප්‍රතිකාර

ඔබගේ මූලික තක්සේරු ක්‍රියාවලිය සිදුකර ක්‍රීයාවලිය පරීක්ෂා කර බලන්න.

ප්‍රවාහන පහසුකම් සලසා නොපමාව රෝගියාට වෛද්‍ය පහසුකම් ලබා දෙන්න.

රෝගියා ස්වසන මාර්ගයේ සිදුවී ඇති තුවාල නිසා වේදනාවෙන් පෙලෙන්නේ දැ යි පරීක්ෂා කර බලන්න.

රෝගියාට ප්‍රමාණවත් වායු සැපයුමක් ඇද්ද යන්න සහ ගෙලවටා ඇති තද ඇඳුම් ලිහිල් කර ඇද්දැ යි විමසිලිමත් වන්න.

රෝගියා සිහියෙන් සිටිනම්, සිසිල් ජලය උගුරු කිහිපයක් ලබා දෙන්න.

රෝගියාට සිහිය නැතිවීමේ ලකුණු පෙන්නුම් කරයි නම් ඔහුව/ඇයව සුවවීමේ ස්ථාපිතයට හරවන්න.

ක්‍රියාවලිය සඳහා සුදානම් වෙන්න.

රෝග ලක්ෂණ සහ නිමිති.