ළදරුවන් සඳහා හෘද පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය (CPR)



VIDEO 11 -ළදරුවන් සඳහා දිවි ගලවා ගැනිමේ හුස්ම



VIDEO 12 - ළමුන් සඳහා දිවි ගලවා ගැනිමේ හුස්ම

මූලික කරුණු

ඕනෑම වයස් කාණ්ඩයක සිටින ළමුන්ට ද කෘත්‍රීම ස්වසනය ලබාදීමට සිදුවන අවස්ථා පවතී. නමුත් සමහර ප්‍රථමාධාරකරුවන් ළමුන්ට හෘද පෙනහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය ලබාදීමට බියක් දක්ව යි. එසේ අනවශ්‍ය ලෙස බිය වී කිසිවක් නොකර සිටිනවාට වඩා වැඩිහිටියන්ට ලබාදෙන ආකාරයට ම ළමයිනට හා ළදරුවන්ට ද කෘත්‍රිම ස්වසනය ලබා දිය හැක.

වැඩිහිටියන්ට භාවිත කරන කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධන ක්‍රමවේදයෙ හි පහත සඳහන් සුළු වෙනස් කිරිම් මගින් ළමුන් සඳහා භාවිතා කළ හැක.

ළමුන් සඳහා කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධන ක්‍රමය ආරම්භ වන්නේ දිවි ගලවා ගැනීමේ හුස්ම වාර 5 ක් ලබා දිමෙනි.(ළදරුවන් සඳහා මුඛය සහ නාසය වැසෙන සේ මුද්‍රා තබන්න)

පපු තෙරපුම පපුවේ ගැඹුරින් 1/3 ක් තරමට තෙරපීම කළ යුතු අතර වයස අවුරුදු එකට අඩු බිළිදෙකුට නම් ඇඟිලි දෙකක් පාවිච්චි කරමින් ද වයස අවු. 1ට වැඩි නම් එක් අතක් හෝ දෙකම යොදා ගනිමින් ද අවශ්‍යය තරමට තෙරපීම කරන්න.

ළමයින් සඳහා හෘද පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය
අනතුරුදායක තත්ත්වයන් ගැන සලකා බලා තුවාලකරු උඩුබැලි අතට තබන්න.
ප්‍රතිචාරය පරික‍ෂා කරන්න.
ස්වසන මාර්ගය විවෘත කරන්න.


තුවාලකරු සාමාන්‍ය ලෙසට හුස්ම නොගනී නම්,

තුවාලකරුට ප්‍රතිකාර ලබාදීම සඳහා ගෙනයාමට ගිලන් රථයක් හෝ වෙනත් වාහනයක් සොයා ගැනීමට කෙනෙකු යොමු කරන්න. ඔබ පමණක් සිටින අවස්ථාවක දී මෙය ඔබට ම කිරීමට සිදු වේ. ඒ සඳහා තුවාලකරු මඳ වේලාවකට තනිකර දමා යාමට සිදු විය හැක.

ළමුන් සඳහා දිවි ගලවා ගැනිමේ හුස්ම

නළල මත ඇති අතෙහි මාපටැඟිල්ල සහ දබරැඟිල්ල භාවිත කරමින් ළමයාගේ නාසයෙ හි මෘදු කොටස තද කරන්න.
දරුවාගේ මුඛය විවෘතව තබන්න, නිකට ද ඔසවා තබාගන්න.

සාමාන්‍ය ලෙසට හුස්මක් ගෙන දරුවාගේ මුඛය මත ඔබේ තොල් තබා හොඳින් වසා ප්‍රශ්වාස වාතය පිටතට නොයන සේ තබා ගන්න.
ක්‍රමයෙන් මුඛය තුළට හුස්ම පිඹිමින් පපුව පෙදෙස ඉස්සෙන ආකාරය බලන්න. මේ සඳහා තත්පරයක් පමණ ගතවනු ඇත. (මෙය ඵලදායි දිවිගලවා ගැනීමේ හුස්මකි)
හිස සහ නිකට එසවුම් ඉරියව්ව පවත්වාගන්න. ඔබේ මුඛය ඉවත් කර උස්වූ පපුව පෙදෙස නැවත පහතට බසින ආකාරයට ගැන නිරීක‍ෂණය කරන්න. නැවත වරක් හුස්මක් ගෙන මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන්න. 5 වතාවක් මෙලෙස කරන්න.

පපු තෙරපීම

තුවාලකරුගේ ආසන්නයේ පසකින් දණ ගසාගන්න.
ඔබගේ එක් අතක අත්ල රෝගියාගේ පපුවේ මධ්‍යයෙහි තබන්න.
තුවාලකරුගේ ඉල ඇට මතට හෝ උදරයේ උඩ කොටසට හෝ ඉලඇට වලපහළ කෙලවරට කිසිදු පීඩනයක් ඇති නොකිරීමට වග බලාගන්න.
තුවාලකරුගේ පපුව ප්‍රදේශයට සිරස් වන ලෙසට ඔබගේ සිරුර තබාගෙන ඔබගේ අත්දෙක ද කෙලින් තබා ගනිමින් පපු ඇටය- පපු ගැඹුරින් 1/3 පහළට තෙරපන්න.
මේ ලෙසට තෙරපීම් 30ක් කරන්න.

වැදගත්

මෙසේ කරන සෑම තෙරපීමකට පසුවම අත් ඉවත් නොකර පපුවට යොදන පීඩනය මුදා හරින්න. (තෙරපන ලද පපු පෙදෙස නැවත යථා තත්ත්වයට උඩට එමට ඉඩ දෙන්න. මෙයට සෑම තෙරපීමකටම පසුව, තෙරපීම සඳහා ගන්නා කාලයට සමාන කාලයක් ඉඩ දෙන්න)

පපු තෙරපුම් වාර 30 කට දිවිගලවාගැනිමේ හුස්ම වාර 2 ක් ලබා දෙන්න.

රෝගියා සාමාන්‍ය අන්දමට හුස්ම ගැනීම ආරම්භ කළහොත් පමණක් එය පරීක්ෂාකර බැලීම සඳහා ඉහත ක්‍රියාවලිය මඳක් නවත්වන්න නැතහොත් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න.

ඔබ ලබාදෙන හුස්මෙන් සාමන්‍ය හුස්මගැනීමක දී මෙන් තුවාලකරුගේ පපුව එසවුනේ නැත් නම් ඊළඟ උත්සාහයට පෙර:

රෝගියාගේ මුඛය තුළ පරීක්ෂාකර බලා පෙනෙන්නට ඇති හිර වූ දෙයක් ඇත් නම් එය ඉවත් කරන්න.

නියම ආකරයට ස්වසන මාර්ගය විවෘතකර ඇද්දැ යි පරීක්ෂා කරන්න.

සෑම පපු තෙරපුම් වාර 30 කට වරක් දිවි ගලවාගැනිමේ හුස්ම වාර දෙකක් පමණක් ලබා දෙන්න.

මුදවා ගැනීමේ කටයුතු සඳහා එක් අයෙකුට වැඩි ගණනක් සහභාගි වී සිටීනම් ඉහත ක්‍රියාවලිය :CPR මිනිත්තු 2කට වරක් මාරුවෙන් මාරුවට සිදු කිරිමෙන් එක් අයෙකු වෙහෙසට පත්විම වළකා ගත හැක. මෙසේ මාරුවෙන් මාරුවට සිදු කිරීමේදී ප්‍රමාද නොවී හැකි ඉක්මනින් ක‍ඡඍ ලබා දීම සිදු කළ යුතුය.

ළදරුවා උඩුබැලි අතට හරවන්න. ළදරුවා කෙරේ තවදුරටත් බලපාන අනතුරු දායක තත්ත්වයන් පවතින්නේ දැයි සොයා බලන්න.

ප්‍රතිචාරය පරික‍ෂා කරන්න.

ස්වසන මාර්ගය විවෘත කරන්න.

ස්වසනය පරීක‍ෂා කරන්න

 

නාසයට මුඛය තබා දිවි ගලවා ගැනීමේ හුස්ම ලබාදීම.

මුඛයෙන් මුඛයට හුස්ම ලබාදෙන ආකාරයට සමාන ක්‍රමයකින් මුඛයෙන් නාසයට හුස්ම දීම සිදු කෙරේ. මුඛයේ තුවාල තිබීම, මුඛය විවෘත කළ නොහැකි වීම. තුවාලකරු ජලයේ සිටීම වැනි අවස්ථාවල දී නාසයට මුඛය තබා කෘත්‍රීම ස්වසනය ලබාදීම සිදු කළ හැක.
පෙර ආකාරයට හිස පිටුපසට ඇළකර නිකට උස්සා තබන්න.
හොඳින් හුස්මක් ගන්න.
තුවාලකරුගේ මුඛය වසන්න.
තුවාලකරුගේ නාසය මත ඔබගේ තොල් තබා නාසය තුළට හුස්ම ලබාදීම කරන්න. පපුව ඉස්සීමට තත්පරයක් පමණ ඉඩ දෙන්න.
මෙය ඉතා ඵලදායක දිවි ගැලවීමේ හුස්ම ලබා දීමේ ක්‍රමයකි.

 

වයස අවුරුද්දකට වඩා අඩු ළදරුවන්

රෝගියා සාමාන්‍ය ලෙසට හුස්ම නොගනී නම්,

රෝගියාට ප්‍රතිකාර ලබාදීම සඳහා ගෙනයාමට ගිලන් රථයක් හෝ වෙනත් වාහනයක් සොයා ගැනීමට කෙනෙකු යොමු කරන්න. ඔබ පමණක් තනි ව සිටී නම් හෘද පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය කරමින් දරුවා රෝහලට ගෙන යන්න.

 

කුඩා ළදරුවන් සඳහා දිවිගලවා ගැනීමේ හුස්ම

සාමාන්‍ය අන්දමට හුස්මක් ගෙන, ඔබගේ තොල් තුවාලකරුගේ මුඛය සහ නාසය මත තබා හොඳින් :ඇර- මුද්‍රා තබන්න.

ක්‍රමයෙන් මුඛය තුළට හුස්ම පිඹිමින් පපු පෙදෙස එසවෙන ආකාරය බලන්න.මේ සඳහා තත්පරයක් පමණ ගතවනු ඇත. (මෙය ඵළදායි දිවිගලවා ගැනීමේ හුස්මක් වේ)

හිස සහ නිකට එසවුම් ඉරියව්වේ පවත්වාගන්න. ඔබේ මුඛය ඉවත් කර උස් වූ පපු පෙදෙස නැවත පහතට බසින ආකාරය ගැන නිරීක‍ෂණය කරන්න. නැවත වරක් හුස්මක් ගෙන මෙය ආරම්භ කරන්න. 5 වතාවක් මෙලෙස සිදු කරන්න.

 

පපු තෙරපීම.

රෝගී දරුවාගේ පපුවේ මැද කොටස මත බගේ ඇඟිලි දෙකක් තබන්න.
සිරුරේ ඉළ ඇට වල වලට පහළින් ඇති කොටසට හෝ උදරයේ ඉහළ කොටසට කිසිදු පීඩනයක් යෙදීමෙන් වළකින්න.
ඉළ ඇට ප්‍රදේශය පුපුවේ ගැඹුරින් 1/3ක ප්‍රමාණයක් දක්වා තෙරපන්න.
මේ ආකාරයට 30 වතාවක් කරන්න.

වැදගත්

මෙසේ කරන සෑම තෙරපීමකට පසුවම අත් ඉවත් නොකර පපුවට යොදනපීඩනය මුදා හරින්න. (තෙරපන ලද පපුව පෙදෙස නැවත යථා තත්ත්වයට උඩට ඒමට ඉඩ දෙන්න.

මෙයට සෑම තෙරපීමකට ම පසු ව, තෙරපීම සඳහා ගන්නා කාලය හා සමාන කාලයක් ලබා දෙන්න)

පපු තෙරපුම් වාර 30 කට දිවි ගලවාගැනිමේ හුස්ම වාර 2 ක් ලබා දෙන්න.

රෝගියා සාමාන්‍ය අන්දමට හුස්ම ගැනීම ආරම්භ කළහොත් පමණක් එය පරීක්ෂාකර බැලීම සඳහා ඉහත ක්‍රියාවලිය මඳක් නවත්වන්න. නැතහොත් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න.

ඔබ ලබාදෙන හුස්මෙන් සාමන්‍ය හුස්ම ගැනීමක දී මෙන් තුවාලකරුගේ පපුව එසවුනේ නැත් නම් ඊළඟ උත්සාහයට පෙර: රෝගියාගේ මුඛය තුළ පරීක්ෂාකර බලා පෙනෙන්නට ඇති බාහිර දෙයක් ඇත් නම් එය ඉවත් කරන්න.

නියම ආකාරයට ස්වසන මාර්ගය විවෘතකර ඇද්දැ යි පරීක්ෂා කරන්න.

සෑම පපු තෙරපුම් වාර 30 කට වරක් දිවි ගලවාගැනිමේ හුස්ම වාර දෙකක් පමණක් ලබා දෙන්න.

මුදවා ගැනීමේ කටයුතු සඳහා එක් අයෙකුට වැඩි ගණනක් සහභාගි වී සිටී නම් ඉහත ක්‍රියාවලිය :ක‍ඡඍ- මිනිත්තු 2කට වරක් මාරුවෙන් මාරුවට සිදු කිරිමෙන් එක් අයෙකු වෙහෙසට පත්වීම වළකා ගත හැක. මෙසේ මාරුවෙන් මාරුවට සිදු කිරීමේ දී ප්‍රමාද නොවී හැකි ඉක්මනින් ක‍ඡඍ ලබා දීම සිදු කළ යුතු ය.

 

මූලික ජීවිතාරක‍ෂණය - ළදරුවන් සඳහා

ප්‍රතිචාරයක් නොමැති

උපකාර ඉල්ලා කෑගසන්න

ස්වසන මාර්ගය විවෘතව තබන්න.

සාමාන්‍ය ලෙසට හුස්ම නොගනී නම්

උදව් (හෝ රෝහල වෙත ගෙනයාමට ප්‍රවාහන පහසුකම්) ඉල්ලා සිටින්න

5 වරක් කෘතිම ස්වසනය (දිවි ගලවා ගැනීමේ හුස්ම) ලබා දෙන්න

30 වරක් බාහිර පපු තෙරපුම

02 වරක් කෘතීම ස්වසනය ලබා දෙන්න

30 වරක් බාහිර පපු තෙරපුම ලබා දෙන්න.