උගුරේ යමක් හිරවීම
වීඩියෝ 13 - කැස්ස පවත්වාගෙන යාමට උනන්දු කරවන්න.
වීඩියෝ 14 - උරහිස් අතරට ප්‍රහාර පහක් උදරයට පීඩන වාර 5 ක්යෙදීම
වීඩියෝ 15 - උදරයට පීඩනය යෙදීම කරන්න.
වීඩියෝ 16 - උදරයට පීඩනය යෙදීම කරන්න.අත් පිහිටීම
වීඩියෝ 17 - උදරයට පීඩනය යෙදීම කරන්න.අත් පිහිටීම
වීඩියෝ 18 - තනිව සිටින විට උදරයට පීඩනය යෙදීම කරන්න
වීඩියෝ 19 - තනිව සිටින විට උදරයට පීඩනය යෙදීම කරන්න
මූලික කරුණු
මුඛයෙහි පවතින ආහාර වලින් හෝ උගුරේ සිරවූ වෙනත් ද්‍රව්‍ය වලින් හුස්ම සිරවීම සිදු විය හැක. මෙමඟින් මරණය පවා සිදුවීමට ඉඩ ඇත. මෙවැනි සිදුවීම් ඊට මුහුණදුන් අයටත් ඔවුන්ගේ භාරකරුවන්ටත් බියජනක අත්දැකිම් උදා කරයි. බාහිර ද්‍රව්‍ය උගුරේ, ස්වාසනාලයේ සිර වූ විට හුස්ම ගැනිමේ අපහසුතා, මස් පිඩුවල ගැස්ම ඇතිකරයි. මෙම සිරවීම් අර්ධ වශයෙන් සිදුවී ඇති විට තුවාලකරුට ම ඒවා ඉවත්කරගැනිමේ හැකියාවක් පවතී. සිරවීම සම්පූර්ණයෙන්ම සිදු වී ඇති විටක තුවාලකරුට හුස්ම ගැනීමට හෝ කැස්ස පිට කිරීමට නොහැකිව සිහිසුන්වීම සිදුවිය හැක. මෙවිට CPR ලබා දීමට සුදානම් වන්න (හෘද පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය).
පහත දැක්වෙන සටහන මගින් සරළ හා දරුණු අන්දමේ ස්වාසනාල හිරවීම වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි රෝග ලකෂණ සාරංශයේ දක්වා ඇත. පුද්ගලයා හොඳ සිහියෙන් සිටී නම් ඔහුට හුස්ම ගැනීමට අපහසුදැයි ඇසිය යුතු ය..
සාමාන්‍ය හුස්ම හිරවීමේ ලකෂණ
ආහාර අනුභව කරමින් සිටියදී ඇතිවන තත්ත්වයන්
තුවාලකරු ඛෙල්ල අල්ලාගෙන සිටීම
සරළ අන්දමේ හුස්ම හිරවීමේ ලකෂණ
ඔබට හුස්ම හිරවේදැ යි විමසූවිට ප්‍රතිචාර දැක්වීම
තුවාලකරු කතා කිරීම, ඔව් හෝවෙනත් සංඥාවකින් හෝ පිළිතුරුදීම.
තුවාලකරුට හුස්ම ගැනීමට, කථාකිරීමට සහ කැස්ස පිටකිරීමට හැකියාව තිබීම.
දරුණු ලෙසට හුස්ම හිරවීමේ ලකෂණ
ඔබට හුස්ම හිරවේදැ යි විමසූ විට
ප්‍රතිචාර දැක්වීම.
කථා කිරිමට අපහසු බව
ඔළුව සොලවා ප්‍රතිචාර දැක්වීම හෝ
වෙනත් සංඥා
රෝගියාට හුස්ම ගැනීමට නොහැකි
තත්ත්වය.
ශබ්ද නගමින් හුස්ම ගැනීම
කැස්ස පිටකිරීමට නොහැකි තත්ත්වය
රෝගියා සිහිසුන් වීම
හුස්ම හිරවූ වැඩිහිටි රෝගියෙකු සඳහා ප්‍රතිකාර
(වයස අවුරුදු 01ට වැඩි ළමයින්ට ද මෙම ක්‍රියාවලිය ගැළපේ.)
1. රෝගියාට සුලූ වශයෙන් ස්වාසනාලය අවහිරවීමක් පෙන්වයි නම්,
නොනවත්වා කහින්නට උනන්දු කරවන්න.
2. රෝගියා දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් පෙන්වයි නම්,
තුවාල කරුට පිටුපසින් සිට ගන්න.
පිට අත්පහර 05 ක ලබා දෙන්න.
සිරවූ ද්‍රව්‍ය පහසුවෙන් ඉවත් වීම සඳහා රෝගියාගේ පපුවට අත තබා රෝගියා
මදක් ඉදිරියට නවන්න. ඔබගේ අත ඔහුට ආධාරකයක් ලෙස තබා ගන්න.
ඔබගේ අල්ලේ පහළ කොටසින් රෝගියාගේ උරපත්ත අතරට වැරෙන් ප්‍රහාර 05ක් එල්ල කරන්න.
මෙසේ එල්ල කරන සෑම ප්‍රහාරයකටම පසු හිර වී ඇති දෙය ඉවත් ව ඇත්දැ යි පරීකෂා කරන්න. මෙහිඅරමුණ විය යුත්තේ සෑමප්‍රහාරයකින් ම හිර වී ඇති දෙය
ඉවත් කරගැනීම මිස ප්‍රහාර 05ක්ලබා දීම පමණක් ම නොවේ.
මෙලෙස ප්‍රහාර 05ක් දීමෙන් හිර වී ඇති දෙය ඉවත් නොවූයේ නම් උදරය තදින් තෙරපීම පස් වතාවක් කරන්න.
රෝගියා පසුපස හිටගනිමින් ඔහුගේ උදරයේ ඉහළ කොටස වටා අත් දෙක දමන්න.
රෝගියා හොඳින් ඉදිරියට නවන්න.
ඔබේ අත මිට මොළවාගෙන රෝගියාගේ පෙකණිය සහ පපු අස්ථීයේ පහළ කොටස අතර තබන්න.
ඔබගේ මිට මෙළ වූ අත මත ඔබේ අනිත් අත තබා රෝගියාගේ උදරය ඇතුළට, උඩ අතට කෂණිකව තෙරපෙන පරිදි පීඩනය දෙන්න.
මෙලෙසට පස් වතාවක් දක්වා කරන්න.
හිර වූ දෙය පිටතට නොපැමිණියේ නම් මාරුවෙන් මාරුවට උරපත් අතරට 5 වතාවක් පහර දීම සහ ඉහත ආකාරයට උදරයට පීඩනය යෙදීම කරන්න.
3. රෝගියා සිහි මූර්ජා තත්ත්වයට පත් වුවහොත්රෝගියා අල්ලා ගෙන පරිස්සමින් බිම දිගා කරන්න.
වහාම ගිලන් රථයක් (හෝ වෙනත් ප්‍රවාහන
මාර්ගයක්, රෝගියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා
ගෙනයාමට) කැඳවන්න.
CPR ක්‍රමය ආරම්භ කරන්න.
පසුබිම
හුස්ම හිර වීම සඳහා මෙලෙස සාර්ථක ප්‍රථමාධාර දීමෙන් අනතුරුව, බාහිර ද්‍රව්‍ය ස්වාසනාලයේ උඩ හෝ යට කොටසේ රැඳී තිබී පසුව අපහසුතා ඇති කළ හැක. මේ නිසා දිගින් දිගටම කැස්ස පැවතීම, ආහාර ගිලීමට අපහසු බව, හෝ උගුරේ යමක් හිර වී ඇති බව දැනෙන ස්වභාවය ඇත් නම් රෝගියා වෛද්‍ය උපදෙස් සඳහා යොමු කළ යුතු ය.
ඉහත ආකාරයට උදරයට පීඩනය යෙදීමෙන් උදරය අතුළත ඉන්ද්‍රියන්ට හානි විය හැකි බැවින් එවැනි ප්‍රතිකාර/ ප්‍රථමාධාර ලැබූ රෝගින් මෙම අභ්‍යන්තර තුවාල වෛද්‍යවරයෙකු ලවා පරීකෂා කර ගත යුතු ය.
| හුස්ම හිරවීමක දී ප්‍රතිකාර-වැඩිහිටියන් හා ළමයින් (අවු:1ට වැඩි) සඳහා තත්ත්වයේ බරපතල භාවය තක්සේරු කරන්න. | ||||
| බරපතල ලෙස ස්වසන මාර්ගය අවහීරවීම | සුළු වශයෙන් ස්වසන මාර්ගය අවහිරවීම | |||
| (කැස්සෙන් බලපෑමක් නැත) | (කැස්සෙන් සහනය) | |||
| සිහිය නොමැති CPR ආරම්භ කරන්න. | සිහිය ඇති උරහිස් අතරට ප්‍රහාර පහක් උදරයට පීඩන වාර 5 ක්යෙදීම | කැස්ස පවත්වාගෙන යාමට උනන්දු කරවන්න. තත්ත්වය නරක අතට හැරෙනවා ද, එසේත් නැත් නම් කැස්සෙන් බලපෑමක් නැතිව හෝ හිරවී ඇතිදෙය ඉවත් වීම හෝ ගැන පරීකෂාකාරී වන්න. |
||
ළදරුවන් (වයස අවුරුද්දකට වඩා අඩු)
ප්‍රතිකාර
ඔබගේ අතේ වැලමිටේ සිට මැණික් කටුව දක්වා වූ කොටස මත ළදරුවා දිගාකර
හිස සහ මුහුණ පහළට හරවා ළදරුවා අල්ලාගෙන සිටින්න.
උරතල අතර මැද පිට කොන්දට තට්ටු කිරීම් 5ක් පමණ ලබා දෙන්න. (ළමයාගේමුඛය පරීක්ෂාකර බලන්න)
මෙම ක්‍රියාවලිය මගින් බාධකය ඉවත් නොවේ නම්, පිට කොන්දට තට්ටු කිරිම සහ පපුතෙරපුම් යන ක්‍රියාවලිය වාර 3ක් දිගටම කරගෙන යන්න. එවිට ද බාධකය ඉවත්නොවේ නම් උපකාර ලබා ගන්න, නැතහොත් ළදරුවා රෝහල වෙත ගෙන යන්න.
කිසිම අවස්ථාවක (සිහිය ඇති හෝ සිහිසුන් වසස අවුරුදු එකට වඩා අඩු ළදරුවන් සඳහා උදර තෙරපුම නොකරන්න)
අවසාන වශයෙන්, සිර වී ඇති බාධකය සමඟ කටයුතු කිරීමේ දී බාධකය කෙලින් ම ඉවත් වූයේ නැත් නම් ඉක්මන් සහායක් ලබාගත යුතු බව ඔබ මතක තබාගත තු ය. උපකාර ඉල්ලා කෑගසන ළමයා හෝ ළදරුවා මහත් බරපතල තත්ත්වයකට පත් කරනවාට වඩා ඔහු/ඇය රැගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණීම ඉතා යෝග්‍ය වේ.
![]() |
|||












