උණ සහිත වලිප්පුව
මූලික කරුණු
උණ සහිත වලිප්පුව බෝහෝවිට ළදරුවන්ට සහ ළමයින්ට වැළදිය හැකි ය.
ළදරුවන්ට සහ ළමයින්ට ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමේ
අපහසුතාවයක් ඇත. ශරීරයේ උෂ්ණත්වය වැඩි කරන්නා වූ රෝග මගින් උණ සහිත වලිප්පුව උත්සන්න කරයි.
ඉලක්කය
ශරීර උෂ්ණත්වය පහත දැමීම.
ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම.
ප්‍රතිකාර
1. රෝගියාගේ ඇඳුම් ඉවත් කරන්න.
2. ළමයා සිසිල් කිරීම සදහා අලූත් සිසිල් වාතය ලබා දෙන්න.
3. හැකි නම් ළමයා තමාගේ පැත්තට හැරෙන්නට ඉඩහැර ශ්වසන මාර්ගය
ආරකෂා කරන්න.
4. ළමයා ගැහෙන අවස්ථාවේ දී ළමයා අවට ඇති ද්‍රව්‍යය ඉවත් කර ඔහු/ඇය
සිදුවිය හැකි අනතුරු වලින් ආරකෂා කරන්න. හිස ආරකෂා කිරීම සදහා නිසි
අවදානමක් යොමු කරන්න.
5. රෝගියාගේ හිස සහ ගෙලෙහි පිටුපසින් ආරම්භ කොට රෝගියා සිසිල් කිරීම
සදහා ඇල්මැරුණු ජලය පාවිච්චි කරමින් රෝගියා තෙත මාත්තු කරන්න.
6. සාමාන්‍ය උෂ්ණත්වය (98ග4 ත 36-37 ක) දක්වා පහත වැටෙන තුරු සිසිල්
කිරීම පවත්වාගෙන යාම.
7. ළමයා අවශ්‍ය ප්‍රමාණයට වඩා සිසිල් නොකිරීමට වගබලා ගන්න.
8. ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
9. වෛද්‍ය ආධාර ලැඛෙන තුරු ස්වසන මාර්ගය, ස්වසනය සහ රුධිර සංසරණය
නිතර ම පරීකෂාකර බලන්න.


