වැඩිහිටියන් සඳහා හෘද, පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය (CPR)
වීඩියෝ 6 - තුවාලකරු හුස්ම නොගැනීම
වීඩියෝ 7 - තුවාලකරු හුස්ම නොගැනීම - දිවි ගලවාගැනීමේ හුස්ම
වීඩියෝ 8 - හෘද, පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය, පපු තෙරපීම, දිවි ගලවාගැනීමේ හුස්ම
වීඩියෝ 9 - හෘද, පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය, , පපු තෙරපීම, දිවි ගලවාගැනීමේ හුස්ම
වීඩියෝ 10 - හෘද, පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය, , පපු තෙරපීම, දිවි ගලවාගැනීමේ හුස්ම
සාමාන්‍යය ලෙසට හුස්ම නොගන්නා :(CPR)
හදවතේ ක්‍රියාකාරීත්වය නතර වී පළමු මිනිත්තු කිහිපය තුළ දී බොහෝවිට කඩින් කඩ අපහසු අන්දමට හුස්ම ගැනීම සිදු වේ. මෙවිට වහාම හෘද පෙණහළු කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය(කඡඍ- ලබාදීම සඳහා ක්‍රියාකළ යුතු ය. මෙය :Aටදබ්ක ඨ්ිචි- සාමාන්‍ය හුස්ම ගැනිමක් ලෙසට වරදවා තේරුම් නොගත යුතු ය.
රෝග ලක්ෂණ හා නිමිති
සිහිසන් නැතිබව
සාමාන්‍ය අන්දමට හුස්ම නොගැනීම
අරමුණ
තුවාලකරුගේ සිරුරේ ප්‍රධාන අවයව තුළට ලේ ගමන් කිරීම පවත්වා ගැනීම.
DRAB
තුවාලකරු සාමාන්‍යය ලෙස හුස්ම නොගන්නේ නම්
වහා අනතුරට ලක් වූ අය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගිලන් රථයක් හෝ වෙනත්
ප්‍රවාහන ක්‍රමයක් කැඳවීමට කෙනෙකු යොදවන්න. ඔබ තනිව සිටින අවස්ථාවක නම්
මෙම ක්‍රියාව ද ඔබට කිරීමට සිදුවිය හැක. ඒ සඳහා තුවාලකරු එහි තබා ඉවතට
යාමට ද සිදුවනු ඇත. පපු තෙරපුම පහත දැක්වෙන ආකාරයට කරන්න.
පපු තෙරපීම
තුවාලකරු පසෙකින් දණ නමා වාඩි වෙන්න.
එක් අතක අල්ලේ යට කොටස තුවාලකරුගේ පපුව මැද තබන්න.
ඔබගේ අනිත් අතෙහි අල්ල පපුව මත තැබූ අත උඩින් තබන්න.
අත් දෙකෙහි ඇඟිලි එකිනෙක තුළට පටලවා ගනිමින් තුවාලකරුගේ ඉල ඇට මතට හෝ උදරයේ උඩ කොටසට හෝ ඉලඇට වලපහළ කෙලවරට කිසිදු තෙරපීමක් ඇති නොවන පරිදි අත් තබන්න.
තුවාලකරුගේ පපු ප්‍රදේශයට ඉහළින් සෘජුව ඔබගේ සිරුර තබාගෙන ඔබගේ අත්දෙක ද සෘජුව තබා ගනිමින් පපු අස්ථීය :(breast bone)- සෙ.මී. 4-5 පමණ තෙරපන්න.
මේ ලෙසට තෙරපීම් වාර 30ක් සිදු කරන්න.
වැදගත්
මෙසේ කරන සෑම තෙරපීමකට ම පසු අත් ඉවත් නොකර පපුවට යොදන පීඩනය මුදා හරින්න.
(තෙරපන ලද පපුවට නැවත උඩට එමට ඉඩ දෙන්න. මේ සඳහා සෑම තෙරපීමකට ම පසුව, තෙරපී ම සඳහා ගන්නා කාලයට සමාන කාලයක් ඉඩ දෙන්න)
සාමාන්‍යය වශයෙන් මිනිත්තුවකට තෙරපීම් 100ක් පමණ සෑහේ. මෙහිදී තෙරපීම් ලබා දෙන වේගය මිස මිනිත්තුවකට කෙරෙන තෙරපීම් ගණන සැලකිල්ලට නොගැනේ. ස්වසන මාර්ගය විවෘත කිරීමට හා කෘතීම ස්වසනය : ( rescue breath) ලබා දීමට ගතවන කාලය ද සැලකිල්ලට ගත යුතු ය.
දිවි ගලවාගැනීමේ හුස්ම : ( Rescue Breath)
පපුව තෙරපීම 30 වරක් කිරීමෙන් අනතුරුව හිස පිටුපසට ඇලකර, නිකට උස්සා ස්වසන මාර්ගය විවෘත කරන්න.
මහපට ඇඟිල්ලෙන් හා සුළැගිල්ලෙන් අනතුරට ලක් වූ අයගේ නහයේ මෘදු කොටස මිරිකන්න.
තුවාලකරුගේ මුඛය විවෘතවන ලෙසට නිකට උස්සා තබා ගන්න.
සාමාන්‍යය අන්දමට හුස්මක් ගෙන, ඔබගේ තොල් අනතුරට ලක් වූ අයගේ මුඛය මත තබා හොඳින් (Seal) මුද්‍රා තබන්න.
දැන් මුඛය තුළට හුස්ම පිඹිමින් රෝගියාගේ පපු පෙදෙස ඉස්සෙන්නේ දැයි බලන්න. සාමාන්‍යය
හුස්ම ගැනීමේ දී මෙන් පපුව ඉස්සීමට තත්පර 1ක් පමණ ගන්න. මෙය නිවැරැදි දිවි ගලවා ගැනීමේ හුස්මක් ලබාදීමකි.
ඔබගේ මුඛය ඉවත් කරන්න. හිස හා නිකට පෙර සඳහන් කළ ආකාරයට තබමින් හුස්ම පිටවීම සමග පපු පෙදෙස පහතට යන ආකාරය ගැන විමසිලිමත් වන්න.
නැවතත් ගැඹුරු හුස්මක් ගෙන පෙර සේ රෝගියාගේ මුඛයට මුඛයට තබා තදින් හුස්ම පිඹින්න. මෙලෙස දෙවරක් දිවි ගලවාගැනීමේ හුස්ම ලබා දී ක්ෂණික ව පපුව මත අත් තබා 30 වරක් තෙරපීම සිදු කරන්න.ෑමේ ආකාරයට 30: 2 යන අනුපාතයට පිළිවලින් පපුව තෙරපීම සහ හුස්ම ලබා දීම කරගෙන යන්න.
රෝගියා සාමාන්‍යය අන්දමට හුස්ම ගැනීම ආරම්භ කළහොත් පමණක් එය පරීක්ෂාකර බැලීම සඳහා ඉහත ක්‍රියාවලිය මදක් නවත්වන්න. නැතහොත් නොනවත්වා 30: 2 අනුපාතනයට පපුව තෙරපීම සහ හුස්ම ලබාදීම කරගෙන යන්න.
මේ ආකාරයට තුවාලකරුගේ දිවි ගලවා ගැනිම සඳහා කෘත්‍රීම ස්වසනය ලබා දීමේ ඳී රෝගියාගේ පපුව සාමාන්‍යය ලෙසට ඉස්සීම සිදු නොවේ නම්, නැවත එසේ කිරීමට ප්‍රථම රෑරෝගියාගේ මුඛය අභ්‍යන්තරය පරීක්ෂා කර බලා පෙනෙන්නට ඇති බාහිර දෙයක් ඇත් නම් එය ඉවත් කරන්න.
නියම ආකරයට ස්වසන මාර්ගය විවෘතකර ඇත්දැයි පරීක්ෂා කරන්න.
සෑම පපු තෙරපුම් වාර 30 කට වරක් දිවි ගලවාගැනිමේ හුස්ම වාර දෙකක් පමණක් ලබා දෙන්න.
බේරා ගැනීමේ කටයුතු සඳහා එක් අයෙකුට වැඩි ගණනක් සිටී නම් ඉහත ක්‍රියාවලිය :CPR සඳහා මිනිත්තු 2කට වරක් මාරුවීමෙන් එක් අයෙකු වෙහෙසට පත්විම වළකා ගත හැක. මෙසේ මාරු විමේ දී ප්‍රමාද නොවී හැකි ඉක්මනින් එසේ කළ යුතු ය.
නාසයට මුඛය තබා දිවි ගලවා ගැනීමේ හුස්ම ලබාදීම.
මුඛයෙන් මුඛයට හුස්ම ලබාදීමට සමාන ක්‍රමයක් වන්නේ මුඛයෙන් නාසයට හුස්ම ලබා දීම යි. තුවාලකරුගේ මුඛය තුවාල වී හෝ අවශ්‍ය තරමට විවෘත කළ නොහැකි තත්ත්වයක දී තුවාලකරු ජලයේ සිටිය දී හෝ මුඛයෙන් නිසි ආකාරයට හුස්ම ලබාදීම කළ නොහැකි තත්ත්වයක දී මෙම දෙවන ක්‍රමය යොදා ගත හැක.
පෙර ආකාරයට හිස පිටුපසට ඇළකර නිකට උස්සා තබන්න.
හොඳින් හුස්මක් ගන්න.
තුවාලකරුගේ මුඛය වසන්න.
තුවාලකරුගේ නාසය මත ඔබගේ තොල් තබා නාසය තුළට හුස්ම ලබාදීම කරන්න. පපුව ඉස්සීමට තත්පරයක් පමණ ඉඩ දෙන්න.
මෙය ඉතා ඵලදායක දිවි ගැලවීමේ හුස්ම ලබා දීමේ ක්‍රමයකි.
මෙම ඉතා සරල ක්‍රියාව මගින් විශාල ජීවිත ගණනාවක් බේරාගත හැකි යි.
උපකාර නොමැතිවීම
ගිලන් රථයක් සොයාගැනිමට නොහැකි නම්. රෝගියා,සුවවීමේ ස්ථාපිතයේ තබා රෝගියා ප්‍රවාහනය කිරීම සඳහා උදව් කර ගත හැකි ප්‍රවාහන ක්‍රමයක් යොදා ගන්න.
ත්‍රි රෝද රථයක් භාවිත නොකරන්න.
මූලික ජීවිතාරකෂණය - වැඩිහිටි
ප්‍රතිචාරයක් නොමැති
උපකාර ඉල්ලා කෑගසන්න
ස්වසන මාර්ගය විවෘතව තබන්න.
සාමාන්‍යය ලෙසට හුස්ම නොගනී නම්
උදව් හෝ රෝහල වෙත ගෙනයාමට ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටින්න
30 වරක් පපුව තෙරපීම
කෘතීම ස්වසනය වාර දෙකක් ලබා දෙන්න 30 වරක් පපු තෙරපිම කරන්න.
30:2 ක්‍රියාත්මක කරන්න





