හිසේ තුවාල පිළිබඳ රෝග ලක්ෂණ නිමිති හා ප්‍රතිකාර
මූලික කරුණු
හිසෙහි ඇතිවන තුවාල ජීවිත අවදානමට හේතුවන නිසා මෙම තුවාල
සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතීම නිතරම සිදු වේ. නමුත් වසනාවකට මෙන් හිසෙහි
ඇතිවන තුවාල සංසන්දනාත්මකව ඉතා සුළු ඒවා වේ. මෙවැනි තුවාල වලින් පීඩා විඳින
රෝගීන්ගේ පියවි සිහිය මඳකම නිසා ඔවුන් තමන් අත් විඳින වෙනත් පීඩාවන්
නොඅඟවන බව ප්‍රථමාධාරකරුවන් මත තබා ගත යුතු ය. අපස්මාරය වැනි රෝග නිසා
යම් තැනැත්තෙකු සිහිසුන් වීමෙන් හිසෙහි තුවාල ඇතිවිය හැකි බව මතක තබාගත යුතු
ය. යම් රෝගියකු මිනිත්තු 3ට වඩා වැඩි කාලයක් සිහිසුන් ව සිටී නම් ඔහුගේ/ඇයගේ හිස් කබල බිඳී ඇති බවට සැක කළ හැක.
හිසෙහි තුවාල ප්‍රධාන වර්ග තුනකට ඛෙදනු ලැබිය හැකි ය.
හිස කම්පනය වීම
තැලීම
හිස්කබල බිඳීම
හිස කම්පනය වීමේ රෝග ලක්ෂණ, නිමිති හා ප්‍රතිකාර
මොළය, හිස්කබල අතරතුර තරමක් එහා මෙහා ගමන් කිරීම සඳහා නිදහසේ පවතී. හිසට වේගවත් දරුණු පහරක් එල්ල වූ විට මොළය සෙලවිය හැකි ය. මෙය රෝගියා සිහිසුන් වීමට හේතුවනු ඇත. හිස කම්පනය වීමේ දී මෙම සිහිසුන් වී ඇති කාලය ඉතා කෙටි විය හැකි ය.
රෝග ලක්ෂණ, නිමිති
හිසට පහරක් එල්ල වූ ආකාරය පිළිබඳ පූර්ව මතකය.
කෙටි කාලයක් සඳහා සිහිසුන් ව සිටීම
දුර්වල වූ මුහුණු
හිස කරකැවිල්ල ඇති වීම
නිසි ආකාරයෙන් සුව වූ බවක් නොහැඟීම.
සිද්ධිය වීමට පෙර හෝ සිද්ධියට මුහුණ දුන් ආකාරය පිළිබඳ මතකය නැති වීම
හිසරදය
ඉලක්කය
රෝගියා සම්පූර්ණයෙන් ම සහ ආරක්ෂිත ව සුවවන බවට සහතික වීම
වෛද්‍ය උපදෙස් ලබා ගැනීම
ප්‍රතිකාර
1. ඔබගේ ආරම්භක DRABC තක්සේරුව සිදු කරන්න.
2. රෝගියා සිහිසුන් ව සිටී නම් ඔහුව/ ඇයව සුවවීමේ ස්ථාපිතයේ තබන්න.
3. ලේ ගැලීම් පාලනය කරන්න
4. රෝගියාගේ සිහිය මෙන් ම ස්වසනය සහ නාඩි වැටීම පිළිබඳ පරීක්ෂා කර බලන්න.
5. රෝගියාට නැවත සිහිය ලැඛෙන්නේ නම් රෝගියාගේ තත්ත්වය නැවත බිඳ වැටිය හැකි බැවින් ඉතා සුපරික්ෂාකාරී ව සිටින්න.
6. වගකිව යුතු තැනැත්තෙකු විසින් රෝගියා රැකබලා ගන්නා බවට සහතිකවන්න.
7. හිසට පහරක් වැදී ඉතා කෙටිකාලයක් සඳහා සිහිසුන් වී ඇති පුද්ගලයෙකු පවා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු ය.
මොළයේ තෙරපුම
මූලික කරුණු
මොළයේ තෙරපුම ඉතා භයානක තත්ත්වයකි. මෙය රෝගියාගේ ජීවිතය විනාශ කිරීමේ තර්ජනයක් ඇතිකරමින් මොළය මතට පිඩාවක් ඇති කරන්නා වූ ලේ ගැලීමක් හෝ ඉදිමීමක් විය හැකි ය.
රෝග ලකෂණ සහ නිමිති
මෑත කාලීන හිසේ තුවාලයක් පිළිබඳ ඉතිහාසය (උදා: මිනිත්තු කිහිපයක් හෝ
දින ගණනක් තුළ හිස කම්පනය වී තිබීම)
පැහැදිලි සම්පූර්ණ සුවය
සිහි විකල්වීමත් සමඟ රෝගියාගේ තත්ත්වය නරක අතට හැරීම
හදිසි හිසේ කැක්කුම
පහත් ශබ්දයක් ඇතිව ස්වසනය කිරීම
නාඩි වැටීමේ වේගය අඩු වීම
කළු ඉංගිරියාවේ පිහිටි මේ වෙනසක්, ඇසේ ප්‍රමාණයේ වෙනසක් දක්නට ලැබීම
මුහුණ රතු වූ ස්වභාවයක් පෙන්වීම
ශරීරයේ එක් පාර්ශවයක් දුර්වල වීම හෝ අංශභාගය
වමනය
ඉලක්කය
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම
සිහිසුන් ව ඇති විට ප්‍රතිකාර
ඔබගේ DRABC ක්‍රියාවලිය මූලික තක්සේරුව සිදු කරන්න.
රෝගියා ආරකෂිත ඉරියව්වෙන් තබන්න.
රෝගියාගේ ස්වසනය, නාඩි වැටීම සහ සිහිය ඇති ප්‍රමාණය පරීකෂා කර බලන්න.
රෝගියා රෝහලට යැවිය යුතු ය.


