හෘදයාබාධ
හෘදයාබාධවල රෝග ලකෂණ, නිමිති සහ ප්‍රතිකාර
මූලික කරුණු
අවාසනාවකට මෙන් වර්තමානයේ හෘදයාබාධ ඉතා සුලභ තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැක. එම නිසා හෘදයාබාධ සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ප්‍රථමාධාර උපක්‍රමවලට වැඩි අවධානයක් යොමු වෙමින් පවතී. හෘදයාභාධවලට ගොදුරු වූවන්ගේ ජීව කාලය සෙසු පුද්ගලයන්ට සාපේකෂ ව අඩු බව මෙහි දී සඳහන්කළ යුතු වැදගත් කරුණකි
හෘදයාබාධවල රෝග ලකෂණ නිමිති සහ ප්‍රතිකාර
ස්වසනය අපහසු වීම
හෘදය වස්තුවේ මැද තෙරපෙන උලකින් අනින්නාක් වැනි ඒකාකාරී වේදනාව
මෙම වේදනාව වම් අතට, හක්කට සහ ගෙළ දක්වා පැතිරිය හැකි ය.
සමහර විට අත් දෙකටම සහ උරහිස මැද කොටසට මෙම වේදනාව බලපෑ හැක.
විවේකයක් සමඟ වේදනාව අවසන් නොවෙනු ඇත. විවේකව සිටින විට දී ද වේදනාව ආරම්භ විය හැක.
කුසෙහි ආහාර අජීර්ණ වූ විට මෙන් වේදනාවක් හෝ අපහසුතාවක් ඇති විය හැකි ය.
රෝගියාට අවිවේකී බව සිත් තැවුල් සහිත බව දැකිය හැකි අතර, වමනය කිරීමටද ඉඩ ඇත.
නාඩි වැටීම වේගවත් වීම, දුර්වල වීම හෝ අක්‍රමවත් වීම සිදු විය හැකි ය.
භීතියකට ලක් වී ඇති බව දක්නට ලැබේ.
රෝගියා හදිසියේම ස්වසනය නොකරමින් හෝ නාඩි වැටීමෙන්තොරව බිම ඇදගෙන වැටීමට ඉඩ ඇත.
මුහුණ සුදු මැලි වීමද කම්පනයට අදාල රෝග ලකෂණ සහ නිමිති අතර, දැකිය හැකි ය.
ඉලක්කය
රෝගියා සන්සුන්ව සහ විවේකීව තබන්න.
ඉක්මන් වෛද්‍ය ආධාර ලබා දෙන්න.
ප්‍රතිකාරය
පළමුව DRABC ක්‍රියාවලිය තක්සේරු කර යම් ප්‍රමුඛතා ඇත් නම් ඒවාට ප්‍රතිකාර කරන්න.
රෝගියා අර්ධ වශයෙන් වාඩි වී සිටින තත්ත්වයේ තබා රෝගියාට හැකිතාක් පහසුවක් සලසන්න. ඔහුගේ හිසට සහ අත්දෙකට ආධාර සපයා ඇති බවට සහතික වන්න. එමෙන් ම හැකි නම් අමතර ආධාරයක් සැපයීම සඳහා දණහිස්වලට යටින් කබායක් හෝ බ්ලැන්කට් එකක් තබන්න. මෙම ක්‍රියාවලිය රෝගියාට ස්වසනය කිරීම පහසු කිරීම සඳහා උපකාරී වේ.
හදිසි අනතුරු සේවයක් අමතා රෝගියාට හෘදයාබාධයක් ඇති බව සැකකරන බවත් වහාම උපකාර අවශ්‍ය බවත් දැනුම් දෙන්න.
රෝගියාට බ්ලැන්කට් එකක් පොරවන්න. කම්පනය හේතුවෙන්
රෝගියා සීතලව සිටිය හැකි ය.
රෝගියාව සනසවන්න.
රෝගියාගේ නාඩි වැටීම සහ ස්වසනය ඕනෑ ම අවස්ථාවක දී නැවතිය හැකි බැවින් රෝගියාගේ නාඩි වැටීම සහ ස්වසනය පිලිබඳව සැලකිලිමත් ව සිටිය යුතු අතර නිතරම පුනරුත්ථාපනය සදහා සුදානමින් සිටින්න.
රෝගියා සිහිසුන් වන්නේ නම් එවිට ඔහුව/ඇයව සුවවීමේ ස්ථාපිතයේ තබන්න.
ඔබ විසින් සිදුකළ දේ සහ සොයාගනු ලැබූ දේ වෛද්‍ය නිලධාරීන් වෙත දැනුම් දීම සඳහා සටහන් කර තබන්න.
හෘදයට රුධිරය අඩුවීමෙන් සෑදෙන පපුවේ රිදුම (Angina)
මෙවැනි රෝග ලකෂණ සහ නිමිති පෙන්නුම් කරන්නා වූ තවත් තත්වයකි. මෙය බොහෝවිට ව්‍යායාමයක් සමඟ ඇතිවන අතර විවේකයෙන් සිටින විට අඩු වී යා හැක.
දිවයට ඛෙහෙත් පෙත්තක් තබා ගැනීම වැනි රෝගියා විසින් තමාට ම ආවේණික ප්‍රතිකාර ක්‍රම මේ සඳහා තිබිය හැක.
හෘදයාබාධයක දී මෙන් එම අදාල ඉරියව්වේ විවේකී ව සිටීමට රෝගියාට ඉඩ දෙන්න. වේදනාව තවදුරටත් පවතී නම් හෝ මෙය එවැනි පපුවේ රිදුමක් Angina නැතහොත් දරුණු හෘදයාබාධයක් ද යන්න ඔබට නිශ්චිත ව තීරණය කළ නොහැකි නම් ගිලන් රථයකට අමතන්න
ආධාර ලබාගත නොහැකි ව සිටින විට
ඔබට ගිලන්රථයක් ගෙන්වා ගැනීමට නොහැකිව සිටින අවස්ථාවක දී ඔබ විසින් රෝගියාව රෝහලකට හෝ වෛද්‍ය සායනයකට රැගෙන යා යුතු ය. රෝගියාගේ හෘදය වස්තුවේ ස්ඵන්දනය වැඩිවිය හැකි බැවින් ඔබ විසින් රෝගියාව පාගමනින්රැගෙන ඒම නොකළ යුතු බව සැලකිය යුතු ය. රෝගියාට පහසුවෙන් වාඩි වී පැමිණිය හැකි ප්‍රවාහන ක්‍රමයක් භාවිත කරන්න. (දණහිස් නවා අර්ධ ලෙස වාඩි වී සිටීම)
ත්‍රිරෝද රථයක් භාවිත නොකරන්න.




