උණුසුම හා සීතල බලපෑම
මූලික කරුණු
අධික සීතලක් සහ අධික උණුසුමක් තිබිය දී වුව ද මිනිසුන්ට තම එදිනෙදා බොහෝ කටයුතු කර ගැනීමට හැකියාව තිබුණ ද, මෙම දේශගුණ තත්ත්ව නිසා අධික ලෙස රෝගී වී ජීවිතය අවදානමට ලක්වීමට වුවද ඉඩ ඇතිබව මෙම කොටසේ දී විදහා දැක් වේ. මෙවැනි රෝග උද්ගත වන අවස්ථා ඔබ විසින් දැනගැනීම ඉතා වැදගත් ය. එළිමහනේ දී සීත උණුසුම් කාමරවල දී, උඳුන් සහිත කාමර වලදී වැනි යම් විශේෂිත උෂ්ණත්ව මට්ටමක් බලපවත්වන ප්‍රදේශවල දී මෙවැනි අවස්ථා උදා වේ.
ශරීර උෂ්ණත්වය
අපවටා ඇති පරිසර උෂ්ණත්වය සැලකිය යුතු ආකරයට වෙනස්වන අවස්ථාවල දී
පවා බොහෝ විට අපට නිශ්චිත ශරීර උෂ්ණත්වයක් පවත්වාගෙන යාමට හැකියාව 0 0 ලැඛෙනු ඇත. අපගේ ශරීරය සිය සාමාන්‍ය උෂ්ණත්වය වන 36 38 ක සීමාව තුළ පාලනය කරගනු ලබන ආකාරය ඔබ විසින් තේරුම්ගත යුතු ය. ආහාර ශක්තිය බවට සහ මස්පිඩු ක්‍රියාකාරීත්වයට පරිවර්තනය කිරීම මගින් ශරීරය තුළ උෂ්ණත්වය උත්පාදනය වේ. (ව්‍යායාම මගින් හෝ වෙව්ලීම මගින්) තාපය හිරුඑළිය මගින් ද උණුසුම් ආහාර සහ පානවර්ග මගින් ද එසේ නැත්නම් උණුසුම් ද්‍රව්‍යය ස්පර්ශ කිරීම මගින් ද ශරීරයට අවශෝෂණය කරගනු ලැබිය හැකි ය. ස්වසනය තුළින් හෝ ශරීරය මතුපිට හරහා තාපය පිට වේ. (එසේවුව ද බාහිර පරිසර උෂ්ණත්වය ශරිර උෂ්ණත්වයට වඩා සිසිල්ය) මොළයේ ඇති උෂ්ණත්ව පාලකය මගින් සිරුරට ලැඛෙන උෂ්ණත්වය සහ සිරුරෙන් පිටත්වන උෂ්ණත්වය අතර සමතුළිතතාවය පාලනය කරනු ලබයි.
| බාහිර උෂ්ණත්වය වැඩිවන විට පහත දැක්වෙන ක්‍රියා මගින් ශරීර උෂ්ණත්වය අඩු කරනු ලබයි. |
බාහිර උෂ්ණත්වය අඩු වන විට පහත දැක්වෙන ක්‍රියා මගින් ශරීර උෂ්ණත්වය අඩු කරනු ලබයි. |
ශරීරයේ මතුපිට ඇති රුධිර නාලිකා ප්‍රසාරණය වීම මධ්‍යස්ථ ප්‍රමාණයකින් උෂ්ණත්වය තබා ගැනීම සඳහා-වැඩිපුර දහඩිය දැමීම ඉතා වේගයෙන් සහ ගැඹුරින් ස්වසනය කිරීම |
ශරීරයේ මතුපිට ඇති රුධිර නාලිකා සංකෝචනය වීම: අඩුවෙන් දහඩිය දැමීම ශරීරයේ රෝමකූප කෙලින් විම (ශරීරයේ උණුසුම පවත්වා ගැනීම සඳහා) |
අධික උෂ්ණත්ව බලපෑම
ශරීර උෂ්ණත්වය අවම කර ගැනීම ට අපහසු වන අවස්ථා
ප්‍රතිකාර
බාහිර උෂ්ණත්වය ඉතා අධික අවස්ථා වල දී (කිරණ ස්ථුර්ණය මගින් උෂ්ණත්වය
අඩු කිරීමට ශරීරයට අපහසු විම නිසාවෙන්)
ඉතා අධික ආර්ද්‍රතාවක් ඇති අවස්ථා වලදී (වායුගෝලයේ ඇති තෙතමනය
හේතුවෙන් දහඩිය දැමීම මගින් උෂ්ණත්වය අඩු කිරීමට ශරීරයට නොහැකි වීම නිසා)
අධික ව්‍යායාමවල යෙදෙන අවස්ථාවල දී (මෙම ක්‍රියාවලිය හේතුවෙන් අධික
තාපයක් උත්පාදනය වන නිසාවෙන්) මෙම අසාමාන්‍ය තත්ත්වයක් යටතේ (විශේෂයෙන්
එම ක්‍රියා එකවර සිදුවනවිට) ශරීරයට ප්‍රමාණවත් තරම් වේගයෙන් උෂ්ණත්වය අඩු
කිරිමට නොහැකි වන අතර තාපය අවසන් වීම හෝ තාපය වැඩි වීම යන සාමාන්‍ය
තත්ත්වයන් දෙක වර්ධනය විය හැකි ය.
තාපය අපතේයාම
අධික දහදිය දැමීම හේතුවෙන් ශරීරයේ ලූණු සහ ජලය අපතේ යාම තාපය අපතේ යාමට හේතු වෙයි. එය සාමාන්‍යයෙන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙයි.
රෝග ලක්ෂණ සහ නිමිති
දුර්වල, සිසිල් දහඩිය සහිත සමක් දක්නට ලැබීම.
වේගවත් දුර්වල නාඩි වැටීම
වේගවත් නොගැඹුරු ස්වසනය
ඔක්කාරය ඇතිවීම සහ වමනය යාම
පිපාසය
හිසකරකැවිල්ල හෝ හිස බරගතිය දැනීම
කෙණ්ඩා පෙරලීම
රෝගියාගේ සිහිය ක්‍රමයෙන් අඩු වීම සහ රෝගියා සිහිසුන් වීම
ප්‍රතිකාර
රෝගියා සිසිල් කරන්න. නමුත් අවශ්‍යය ප්‍රමාණයට වඩා සිසිල් නොකරන්න.
සිසිල් ජලය හෝ අධිශක්ති පාන වර්ග උගුරු කීපයක් බීමට දෙන්න.
ලූණු ස්වල්පයක් හැකි නම් ජලයට එකතු කරන්න. (ලීටර් දෙකක් සඳහා තේ හැඳි එකක් පමණ)
රෝගියා සිහිසුන් වන්නේ නම් ඔහුව/ඇයව ආරක්ෂිත ඉරියව්වේ තබන්න.
රෝගියාගේ ස්වසනය, නාඩිවැටීම සහ සිහි මට්ටම පරීක්ෂා කර බලන්න.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගියා ව යොමු කරන්න.
තාප අපහතය
මොළයෙහි ඇති ~~උෂ්ණත්ව පාලකය~~ අක්‍රීය වීම හේතුවෙන් ශරීරය අධික ලෙස
වේගයෙන් සහ භයානක ආකාරයට අධික ලෙස රත්වීම සිදු වේ.
රෝග ලක්ෂණ සහ නිමිති.
මුහුණ සුදුමැලි වීම
උණුසුම් වියළි සමක් දක්නට ලැබීම
මන්දගාමී ශක්තිමත් නාඩි වැටීම
මන්දගාමී ගැඹුරු ශබ්දයක් සහිත ස්වසනය
රෝගියාට උණුසුම දැනීම
රෝගියා කෂණිකව සිහිසුන් වීම
රෝගියා ව සිසිල් ජලයෙන් තෙතමාත්තු කිරීම මගින් හෝ තෙත රෙදි ඇතිරිල්ලකින් ආවරණය කිරිම මගින් සිසිල් කරන්න.
රෝගියාට හොදින් සිසිල දැනෙන පරිදි පවන් ගසන්න.
රෝගියා සිහියෙන් සිටී නම් ඔහුව/ඇයව පහසු ඉරියව්වකින් තබන්න.
සාමාන්‍යයෙන් රෝගියා වාඩි කිරීම යෝග්‍ය වේ.
වෛද්‍ය ආධාර ඉල්ලා සිටිිම හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගියා ගෙන යන්න.
බීමට කිසිවක් නොදෙන්න.
උණ හටගැනීම
ශරීරයේ නොයෙකුත් තත්ත්වයන් හේතුවෙන් ශරීර උෂ්ණත්වය අසාමාන්‍යය ලෙස
ඉහළ නැගීම උණ රෝගය වන අතර මේ සඳහා පහත දැක්වෙන රෝගී තත්ත්වයන්
ඇතුලත් වේ.
මැලේරියාව
උණසන්නිපාතය
සෙංගමාලය
නිව්මෝනියාව
යම් තැනැත්තෙකු උණ රෝගයෙන් පෙළෙයි නම්, ඔහුට හෝ ඇයට වහාම වෛද්‍ය
ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කළ යුතු ය. වෛද්‍ය ප්‍රතිකාර අපේක්ෂාවෙන් බලා සිටින විට හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම
සඳහා යන ගමන අතර තුර දී ප්‍රථමාධාරකරු විසින් ඉහත උෂ්ණත්වය වෙනස් වීම
සඳහා නියම කරන ලද ප්‍රතිකාර පාවිච්චි කිරිමෙන් රෝගියාගේ උෂ්ණත්වය අඩු කිරීමට
උත්සාහ කළ යුතු ය.
0 ශරීර උෂ්ණත්වය 40 ක වඩා වැඩිවන අවස්ථාවල දී රෝගියාට පක්ෂාඝාත රෝගය
වැළදිය හැක. මෙම රෝගී තත්ත්වය දිගට ම පවතී නම් රෝගියාගේ ශරීර උෂ්ණත්වය
අඩු කිරීමට උත්සාහ කළ යුතු නමුත් ඉහත පක්ෂගාත රෝගය සඳහා නියම කරන ලද
ප්‍රතිකාර ලබා දිය යුතු ය. ශරීරයේ අතිශය සිසිල් අවස්ථාවල දී, සිරුර මතුපිටට
ආසන්න රුධිර නාලිකා සංකෝචනය වන අතර එමගින් ශරීරයේ කෝෂ තුළ තාපය රැඳී
පවති. මෙවැනි අවස්ථාවල දී, පාදයේ ඇඟිලි සහ අතේ ඇඟිලිවල පටක ඉතා සිසිල් වන
බැවින් සම මතුපිට මෙම සීතල නිසා තුවාල වර්ධනය විය හැක.
අධික සිතල නිසා සමේ ඇතිවන ආසාදන
රෝග ලක්ෂණ සහ නිමිති.
අතේ ඇඟිලි සහ පාදයේ ඇඟිලි ඉතා සිසිල් වීම
සිරුරේ දුර්වල, වැහැරී ගිය පෙනුම
අතේ ඇඟිලි සහ පාදයේ ඇඟිලිවල වේදනාව සහ හිරිවැටීම
දීර්ඝ වේලාවකට පසුව අතේ ඇඟිලි හෝ පාදයේ ඇඟිලි අවර්ණ වීම හෝ කළු
පැහැයක් ගැනිම
ප්‍රතිකාර
රෝගියාගේ ඇඟිලි ඔබගේ කිහිලිවල හෝ ඉකිලිවල සිරකර ගනිමින් ඔබේ ශරිරඋෂ්ණත්වය රෝගියාට ලබාදෙමින් රෝගියාව උණුසුම් කරන්න. එසේ නැත් නම් රෝගියාගේ අතේ සහ පාදයේ ඇඟිලි උණුසුම් ජලයේ ගිල්වන්න (මෙහිදී ජලයේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා වැඩිවිය යුතු ය)
තෙත රෙදි ඉවත් කරන්න.
වෛද්‍ය උපකාර ලබා ගන්න.
රෝගාබාධයට ලක්වී ඇති ශරීර පිරිමදින්න එපා
ශරීර උෂ්ණත්වය පහත බැසීම
ශරීර කෝෂවල උෂ්ණත්වය 95 ත ල 35 ක ට වඩා අඩු ප්‍රමාණයක් දක්වා අඩුවන
අවස්ථාවල දී මෙම සාමාන්‍යය උණසන්නිපාත තත්ත්වය වර්ධනය වනු ඇත. මෙහි දී ශරීර ක්‍රියාකාරීත්වය අඩු වී එය සම්පූර්ණයෙන්ම නැවතීමට ද ඉඩ ඇත. සිරුර සිසිල් වීමේ ප්‍රමාණය අනුව සහ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට ශරීරයට ඇති හැකියාව මෙන්ම වයස සහ ශරීරයේ සාමාන්‍ය ශක්තිය යන කරුණුවලට අනුව උණසන්නිපාතය ශීඝ්‍රයෙන් හෝ මන්දගාමී ලෙස වර්ධනය විය හැක.
රෝග ලක්ෂණ සහ නිමිති.
සිරුර ස්පර්ශ කිරීමට නොහැකි තරම් සිසිල් වීම(ඇඳුම් වලට යටින්)
මුහුණ දුර්වල හෝ සුදුමැලි වීම
මන්දගාමී දුර්වල නාඩි වැටීම
මන්දගාමි නොගැඹුරු ස්වසනය
පාලනය කළ නොහැකි වෙව්ලීම
කතා කිරීමට අපහසු වීම හෝ නන්දෙඩවීම
රෝගියාගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ කිරීම
රෝගියාගේ සිහිමට්ටම පහත බැස ඉන්පසු රෝගියා සිහිසුන් වීම
ප්‍රතිකාර
රෝගියා සෙවණක් තුළට ගන්න
තෙත් ඇදුම් තිබේනම් ඒවා ඉවත් කරන්න
බ්ලැන්කට් එකකින් හෝ පොරවන කබායකින් රෝගියා, ආවරණය කර, හැකි නම් තවත් තැනැත්තෙකුගේ ආධාරය ඇතුව එම තැනැත්තාගේ ශරීර උෂ්ණත්වය රෝගියාට ලබාදීම සඳහා රෝගියා ව වැළඳගන්න.
රෝගියා සිහියෙන් සිටී නම් ඔහුට/ඇයට උණුසුම් පාන වර්ග ලබා දෙන්න (උදා: චොකලට් හෝ සුප් පාන)
වෛද්‍යාධාර ලබා ගන්න


