තුවාලකරුවකු කළමණාකරණය සහ මූලික තක්සේරුව

මූලික කරුණු
ඔබ විසින් සිද්ධිය පාලනය කර ඇති විට ආදාළ හදිසි අනතුර සම්බන්ධයෙන් මීළඟට ගතයුතු පියවර පිළිබඳව සිතා බැලීම වැදගත් ය. පහත සරළ පියවර මගින් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දෙන ආකාරය පෙන්වා දෙනු ලබයි. ඔක්ෂිජන් ජීවිතයට අත්‍යවශ්‍යය වේ. රුධිරය මගින් ඔබේ සිරුර තුළ ඔක්ෂිජන් පරිවහනය කරනු ලබයි. මිනිත්තු තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ මොළයට ඔක්ෂිජන් නොලැබුනහොත් එවිට මොළයේ ඇති පටක මිය යෑමට පටන් ගනී.

අනතුර
ඔබට සිදුවිය හැකි අනතුරු සහ රෝගියාට සිදුවිය හැකි අනතුරු පිළිබඳ ව පරීක‍ෂාකාරී වීමට අමතක නොකරන්න. ඔබ විසින් ආරක‍ෂිත ලෙස ඉවත් කළ හැකි බාධක ඉවත් කරන්න. අවශ්‍ය ම වන්නේ නම්, රෝගියා, අනතුරෙන් ඉවත් කරන්න.

ප්‍රතිචාර
තුවාලකරු පියවි සිහියෙන් සිටී දැයි පරීක‍ෂාකර බලන්න

ඔබට මා කියන දේ ඇහෙනවාද?~~ ~~ඔබට උදව් අවශ්‍ය ද?~~ යනාදි වශයෙන් ප්‍රශ්න කිපයක් අසන්න

ඔබගේ ඇස් අරින්න~~ යන විධානය කරන්න.

ඉන් පසුව, උරහිස් අතරට සෙමින් තට්ටුකරන්න. තද බල ලෙස තට්ටු කිරීමෙන් වලකින්න.

 

ස්වසන මාර්ගය
තුවාලකරු උඩුබැලි අතට හරවා හිස පිටුපසට ඇලකර නිකට උඩට හරවා හුස්ම ගැනීමේ මාර්ගය විවෘතව තබන්න.

තුවාලකරුගේ පසෙකින් දණ නමා වාඩිවන්න.

තුවාලකරුගේ නළල මත ඔබේ අත තබා සෙමින් හිස පස්සට හරවන්න.

තුවාලකරුගේ නිකට යට ඔබේ ඇඟිලි තුඩු තබා නිකට සෙමින් උස්සමින් ස්වසන මාර්ගය විවෘත කරන්න.

 

ස්වසනය
හිසමත ඔබේ අත තබාගෙන, නිකට මත ඇඟිලි භාවිතයෙන් ස්වසන මාර්ගය විවෘතව තබා ගනිමින් ඔබගේ කම්මුල තුවාලකරුගේ නාසයට ළංකර සාමාන්‍ය ලෙස හුස්ම ගන්නේ දැ යි පිරික්සීමට ස්වසන හඩට සවන් දෙන්න.
පපු පෙදෙසට නෙත් යොමුකර එම ප්‍රදේශය උස් පහත් වේදැ යි බලන්න.
ඔබගේ කම්මුල මතට හුස්ම ගැනීම දැනෙත්දැයි විමසිලිමත් වන්න.
සාමාන්‍ය ලෙසට හුස්ම ගන්නේදැ යි දැනීම. සවන්දිම හා පරීක්ෂකාරී වීම තුළින් නිගමනය කිරීම සඳහා තත්පර 10 ට වැඩි කාලයක් ගත නොකරන්න.
සාමාන්‍යය අන්දමට හුස්ම ගැනිම ගැන සැකයක් ඇත්නම් හුස්ම නොගන්නා රෝගියෙකු ලෙස සලකන්න.

වැදගත්

හදවතේ ක්‍රියාකරී බව නතර වී පළමු මිනිත්තු කිහිපය තුළ දී රෝගියා හුස්ම නොගැනී ම හෝ කටහැර ඉතා අමාරුවෙන් ශබ්ද නගා හෝ කඩින්කඩ හුස්ම ගැනීම සිදුවිය හැක. මෙය සාමාන්‍ය ලෙසට හුස්ම ගැනීමක් ලෙසට වරදවා තේරුම් නොගත යුතු ය.

රෝගියා සිහිනැති තත්ත්වයේ සාමාන්‍ය අන්දමට හුස්ම ගන්නේ නම් වහා ම ඔහු සුවවීමේ ස්ථාපිතයේ තබන්න.

රෝගියා සිහිනැතිව හුස්ම නොගන්නේ නම් හෘද පෙණහලූ කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය (CPR) ආරම්භ
කරන්න.

රුධිර සංසරණය
හදවතේ ක්‍රියාකාරීත්වය නතර වී නම් ඔබට හෘද පෙණහලූ කෘත්‍රීම ප්‍රතිප්‍රබෝධනය (CPR):- ආරම්භ කිරීමට සිදුවේ.

ලේ ගැලීමක් තිබේ නම් හැකි ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස ලේ ගැලීම නතර කරන්න.

අනතුර (Danger)
ප්‍රතිචාරය :(Response)
ස්වසන මාර්ගය :(Airway)
ස්වසනය :(Breathing)
රුධිර සංසරණය :(Circulation)

 

වීඩීයෝ 4  හුස්ම ගන්නවාදැයි නිරික්ෂණය කිරීම