දීර්ඝ කාලීන රැකවරණය
ඔබ සිටින ස්ථානය අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා බලාපොරොත්තුව
සිටීම හෝ රෝගියා ගෙන යන අතරතුර ඔබට රෝගියා අසල නැවතී රෝගියාට දීර්ඝ කාලීන රැකවරණයක් ලබා දිය යුතු අවස්ථා තිබිය හැකි ය. මෙම හේතුව නිසා ඔබ විසින් තීරණය කළ යුතු ක්‍රියාකාරකම් කිහිපයක් පහත පෙන්වා දී ඇත.
නිරීකෂණය කිරීම සහ වාර්තා කිරීම
ඔබ විසින් රෝගියාගේ තත්ත්වය පිළිබද ව නිතරම පරීකෂා කර සෑම මිනිත්තු
දහයකට වරක් ම සටහනක් කර ගැනීම ඉතා වැදගත් ය. මෙම පරීකෂා කිරීම් වල
ප්‍රතිඵල රෝගියා සුව අතට හැරෙන්නේ ද නැත්නම් පිරිහෙන්නේ ද යන්න තීරණය කිරීම සඳහා ද ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යය ද යන්න තීරණය කිරීම සඳහා ද ඔබට උපකාර වනු ඇත. රෝගියා හොඳ අතට හැරෙන බව දැනගැනීම සදහා මෙම ප්‍රතිඵල මගින් තීරණය කල හැකි අවස්ථාවක මෙවැනි පරීකෂා කිරීම් දීර්ඝ වේලාවකට වරක් සිදුකළ හැකි ය. (මිනිත්තු තිහක කාලයක් සදහා) රෝගියා සුව අතට හැරෙන විට මෙම පරීකෂා කරීම පැය කිහිපයකට වරක් සිදු කළ හැක.
රෝගියාගේ සිහි මට්ටම (ප්‍රතිචාරය)
රෝගියාගේ ඇස් විවෘත කිරීම සහ වැසීම මගින්
ඔහුගේ කථාව මගින්
ඔහුගේ අවයව සහ ශරීරය චලනය කිරීම් මගින්
නාඩි වැටීම
නාඩි වැටීමේ අනුපාතය හෝ වේගය තහවුරු කර ගැනීම සදහා සම්පූර්ණ
විනාඩියක කාලයක් මැණික් කටුවෙන් හෝ ගෙළෙන් නාඩි ලබා ගත යුතු ය.
එමෙන්ම නාඩිවල ශක්තිය සහ රිද්මය වාර්තාකරනු ලැබිය යුතු ය.
ස්වසනය
නාඩි වැටීමේ අනුපාතය තහවුරු කර ගැනීම සදහා සම්පූර්ණ මිනිත්තුවක කාලයක් ස්වසනය ගණනය කළ යුතු ය. ඔබ රෝගියාගේ ස්වසනය ගණනය කරමින් සිටින බව රෝගියාට පැවසුවහොත් එවිට රෝගියාගේ ස්වසනයට එය බලපෑ හැකි බැවින් රෝගියාට ඒ බව නොදන්වා සිටීම
යෝග්‍යය වේ.
ඇසේ කළු ඉංගිරියාව
සාමාන්‍ය
අසාමාන්‍යය
විහිදුණු
හැකිලූණු
සම
සිසිල් සහ ඇලෙන ගතියෙන් යුතු/ද සහිත
සිසිල් සහ වියළි
උණුසුම් සහ වියළි
උණුසුම් සහ දහඩිය සහිත
දුර්වල
රත් පැහැවීම.
උෂ්ණත්වය
උෂ්ණත්ව මාපකයක් මගින් උෂ්ණත්වය ඉතා හොඳින් පරීකෂා කළ හැක. බොහෝ විට ඔබ ළග උෂ්ණත්ව මාපකයක් නොතිබිය හැක. මෙය ගැටලුවක් වන අවස්ථාවක දී ඔබගේ එක් අතක පිටි අල්ල රෝගියාගේ නළල මත ද ඔබගේ අනෙක් අතේ පිටි අල්ල ඔබගේ නළල මත ද තබන්න. එවිට ඔබගේ සහ රෝගියාගේ වෙනස හඳුනා ගැනීමට හැකි වනු ඇත. (උණුසුම් ද සිසිල් ද යන්න) සමහර තත්ත්වයන් සහ රෝග තත්ත්වයන්ට උෂ්ණත්වය වෙනස් වීමේ විශේෂ අනුපිළිවෙළක් ඇත. උදා: මැලේරියාව, සීතල උණ, දහදීය දැමීම උෂ්ණත්වය සලකුණු කිරීමේ දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා තොරතුරු සැපයීමට ඒ පිළිබද නිවැරදි වාර්තාවක් ඔබ විසින් තබා ගත යුතු ය.
- ගන්නා ලද කාලය
- උෂ්ණත්වය
- සමෙහි ස්වභාවය
වැඩි රැකවරණය
රෝගියාගේ පවත්නා තත්ත්වය තහවුරු කර ගත් පසු රෝගියාට ප්‍රථමාධාර වශයෙන් සලකුණු නොලබන්නා වූ ප්‍රතිකාර අවශ්‍යය වනු ඇත. සමහර ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් පහත ලැයිස්තු ගත කර ඇත.
දියර වර්ග
ප්‍රථමාධාර වල දී දියර වර්ග ලබා නොදිය යුතු බව පොදු ව්‍යවහාරයක් වුව ද වැඩි
දුර සැලකිලිමත් වීමේ දී එසේ කිරීම අවශ්‍ය විය හැක. සිරුරේ ධමනි තුළ දියර වර්ග ගමන් කර වීම. පාලනය කර වීම සදහා වෛද්‍ය හෝ අතිරේක වෛද්‍ය ආධාර සපයන තැනැත්තන් නොමැති අවස්ථාවල දී ප්‍රථමාධාරකරු විසින් රෝගියාගේ මුඛයෙන් දියර වර්ග ලබා දීමට සිදු වේ. වමනය යෑමට හේතුවිය හැකි ඇතැම් අභ්‍යන්තර තුවාල හෝ තත්ත්වයන් ඇති රෝගීන්ට දියර ආහාර ලබා නොදිය යුතු ය. අවාසනාවකට මෙන් ප්‍රථමාධාරකරුට නිතරම මෙවැනි තත්ත්වයන් හදුනාගැනීමට හැකියාව නොලැඛෙන නමුත් සාමාන්‍ය ප්‍රථමාධාර ක්‍රම විසින් බැහැර කර තිබුණ ද කුඩා ප්‍රමාණයක හෝ දියර ලබා දී තිබීමට වඩා දිර්ඝ කාලයක් තිස්සේ විජලනයෙන් පෙළීම ඉතා හානි කර බව ප්‍රථමාධාරකරු සිතේ තබා ගත යුතු ය.
මාර්ගෝපදේශයන් වශයෙන් පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගත යුතු ය.
රෝගියා සිහිසුන්ව සිටී නම් හෝ ඔහුට රෝගී බවක් දැනේ නම් හෝ වමනය කරයි නම් සහ රෝගියාගේ උදරාබාධ ඇත්නම් ඔහුට /ඇයට දියර වර්ග නොදිය යුතු ය.
රෝගියා වමනය කරන අවස්ථාවල දී පළමුව ඉතා කුඩා ප්‍රමාණයක් දියර වර්ග ලබා දෙන්න.
එක් වරකට අඩු ප්‍රමාණයක් ලබා දීම වැඩි ප්‍රමාණයක් ලබා දීමට වඩා යෝග්‍යය වේ.
කෙටිකාලීනව ජලය ලබා දීම ප්‍රමාණවත් වුව ද පළතුරු යුෂ හෝ සුප් වැනි පෝෂ්‍යදායී දියර වර්ග ලබා දීම ගැන සැලකිලිමත් විය යුතු ය.
මධ්‍යසාර ලබා නොදෙන්න.
විජලන තත්ත්වය වැඩිකරමින් තේ සහ කෝපි මගින් රෝගියාට නිරත ම මුත්‍ර කිරීමට සිදු විය හැකි බව මතක තබා ගන්න.
කොපමණ දියර ප්‍රමාණයක් රෝගියා විසින් ලබා ගත්තේ ද යන්න පිළිබඳ ව වාර්තාවක් තබා ගන්න. දීර්ඝ කාලසීමාවක් තිස්සේ ඔබ විසින් දිනකට ලීටර් 5ක් 6ක් පමණ දියර වර්ග ලබා දිය හැකි ලෙස ඉලක්ක කර ගැනීම වැදගත් ය.
ආහාර
ආහාරරෝගියෙකුට දියර වර්ග ලබා දීම පිළිබඳව අනුගමනය කළ යුතු රීති ආහාර ලබා ගැනීම පිළිබඳව ද අදාළ විය යුතු ය. කම්පනයට පත් ව ඇති රෝගියෙකුට බොහෝ විට කුසගිනි නොදැනිය හැකි අතර රෝගියා වෛද්‍ය ප්‍රතිකාර (උදා: සැත්කමක්) පැය 4ක් හෝ වැඩි ගණනක් තිස්සේ ලබා ගත යුතු ව සිටී නම් රෝගියාට ආහාර නොදිය යුතු බව ඔබ විසින් මතක තබා ගත යුතු ය. රෝගියාට ප්‍රතිකාර කිරීම පැය 8 ක් හෝ ඊට වැඩි වේලාවක් ප්‍රමාද වන අවස්ථාවල දී බත් හෝ අර්තාපල් අල වැනි වැනි ආහාර වර්ග ලබා දිය හැකි ය. කළ යුතුව ඇති කි්‍රයාකාරකම් පිළිබඳවද රෝගියාට ආහාර ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ දී දේශගුණය ද ඔබ විසින් සැලකිල්ලට ගත යුතුය.


