රුධිරයේ සිනී අඩුවීම (දියවැඩියාව), නිමිති සහ ප්‍රතිකාර
මූලික කරුණු
රුධිරයෙහි සීනි ප්‍රමාණය අඩුවීම මන්ද මධු රක්තිය ලෙස හැදින්වෙයි. දියවැඩියා
රෝගයේ දී සාමාන්‍යයෙන් මෙම තත්වය දක්නට ඇති නමුත් මෙම රෝගී තත්වය වෙනත්
තත්ත්වයන්ට වඩා සංකීර්ණ ලෙස සිදුවෙයි.
දියවැඩියා රෝගයේ දී අනුගමනය කෙරෙන ප්‍රධාන ප්‍රතිකාර උපක්‍රමය වන්නේ
සාමාන්‍ය ඉන්සියුලින් ඛෙහෙත් වේලක් ලබා දීම ය. ඒ කාලය අතරතුර රෝගියා
ලබාගන්නා කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය අවම කර යි. මේ ආකාරයට පිෂ්ඨ ආහාර
ශීඝ්‍රයෙන් අවම කරන විට දියවැඩියා රෝගයට පරිබාහිර ව මන්ද මධු රක්ති රෝගය
වැළඳේ. මෙම රෝගය උත්සන්නවීමට අධික ව්‍යායාම ද බලපායි.
රෝග ලක්ෂණ සහ නිමිති.
දියවැඩියා රෝගය පිළිබඳ සැලකිය යුතු ඉතිහාසයක් රෝගියාට තිබීම.
කාඩ්පතක් රැගෙන යාම
නිතරම ඉන්සියුලින් රැගෙන යෑම.
ඉතා සෙමින් වදින පහරක් අධික වේගවත් ලෙස රෝගියා හඳුනා ගැනීම.
දුර්වල බව, ක්ලාන්තය හෝ කුසගින්න.
අවුල් සහගත සේ කලහකාරී හැසිරීම.
අධික ලෙස දහදිය දැමීම.
රෝගියා ස්පර්ශ කළ විට දුර්වල සහ ශීතල දැනීම.
වේගවත් එකට බැදුණු නාඩි වැටීම.
සිහිය අඩු බව.
ඉලක්කය
රෝගියා සිහියෙන් සිටී නම්, ඔහුගේ/ඇයගේ සීනි මට්ටම හැකිතාක් ඉක්මනින් අඩු කළ යුතු ය.
රෝගියා සිහිසුන් ව සිටී නම්, ඉක්මනින් ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.
DRABC මූලික තක්සේරුව සිදු කරන්න.
රෝගියා සිහිසුන් ව සිටීනම් ඔහුව/ඇයව ආරකෂිත ඉරියව්වේ තබන්න.
උපකාර ඉල්ලා සිටින්න.
අවශ්‍ය නම් රෝගියාට හෘද පෙනහළු කෘතීම ප්‍රතිප්‍රබෝධනය ලබා දීමට සූදානම් ව සිටින්න.
රෝගියා සිහියෙන් සිටී නම් ඔහුව වාඩි කරවන්න.
සීනි මුසු රෝගියා කැමති පානයක් හෝ චොකලට් හෝ ග්ලුකෝස් පෙති වැනි සීනි මිශ්‍ර ආහාරයක් රෝගියාට ලබා දෙන්න. (රෝගියාගේ සීනි මට්ටම ගැන සැලකිලිමත් වන්න)
රෝගියාගේ තත්ත්වය යහපත් අතට හැරේ නම් තව තවත් ආහාර හෝ පාන වර්ග ලබා දී සම්පූර්ණ සුවය ලබන තුරු රෝගියාට විවේකී ව සිටීමට ඉඩ හරින්න.
මෙම සිද්ධිය වෛද්‍යවරයා හෝ හෙදිය සමග සාකච්ඡා කිරීමට රෝගියාට උපදෙස් දෙන්න.
රෝගියාගේ තත්ත්වය වේගයෙන් සුව අතට හැරෙන්නේ නැත් නම් වෛද්‍ය
ආධාර ලබා ගන්න.


