විෂවීම්

මූලික කරුණු

විෂවීමක් යනු යම් ද්‍රව්‍යයක් අධික ප්‍රමාණයකින් ශරීරයට ලබා ගත් විට සිරුරට ඇතිවන පීඩාකාරී තත්ත්වය යි. මෙහි දී මියයෑම වුවද සිදුවිය හැක. එම ද්‍රව්‍යය කොතරම් ප්‍රමාණයක් ශරීරගත වී ඇත් ද යන්න මත විෂවීම් සදහා ලබා දිය යුතු ප්‍රථමාධාර ක්‍රම ද වෙනස් වේ.

ඉතා සරල වූ වලක්වා ගැනීමක් මගින් අති විශාල ව්‍යසනයක් වලක්වා ගත හැකි ය:

අනතුරුදායක රසායනික ද්‍රව්‍ය සහ ඛෙහෙත් ද්‍රව්‍ය පහසුවෙන් අත නොගැසෙන
තැන්වල තබන්න.
විෂ සහිත ද්‍රව්‍ය අසුරා ඇති පළමු බහාලූමෙන් වෙනත් බහාලූම් වෙත එනම් විශේෂයෙන් පැරණි ක‍ෂණික පාන බෝතල් වැනි බහාලූම් වෙත එම විෂ සහිත ද්‍රව්‍යය මාරු නොකරන්න.

ආශ්වාස කරන ලද විෂ ද්‍රව්‍යය

ප්‍රතිකාර

ඔබට හානියක් නොවන පරිදි රෝගියාව පිරිසිදු වාතය ලැබීම සඳහා හෝ විවෘත කළ ජනේලයක් අසලට ගෙන යන්න.

හැකි නම් විෂවීම් ප්‍රභවය නවතාලන්න.

ඔබගේ DRABC‍ ක්‍රියාවලිය පළමුව තක්සේරු කරන්න.

රෝගියා ස්වසනය කරයි නම් සහ එහෙත් සිහිසුන්ව සිටීනම් ඔහුව/ඇයව ආරක‍ෂිත ඉරියව්වේ තබා DRABC‍ ක්‍රියාවලිය පරීක‍ෂාකර බලන්න.

රෝගියා ස්වසනය නොකරයි නම් පුනරුත්ථාපන කි්‍රියාවලියද, රෝගියාගේ නාඩි වැටීමද නැවතී ඇත් නම් හෘද පෙනහළු කෘතීම ප්‍රතිප්‍රබෝධනය ද ආරම්භ කරන්න.

වෛද්‍ය ආධාර ඉල්ලා සිටින්න.


විෂ ද්‍රව්‍යය ගිලීම. ක්‍රියාකාරකම්

ඔබගේ ආරම්භක DRABC ක්‍රියාවලිය සිදු කරන්න.

රෝගියා සිහිසුන් ව සිටී නම්, ඔහුව/ඇයව ආරක‍ෂිත ඉරියව්වේ තබා DRABC ක්‍රියාවලිය පරීක‍ෂා කර පුනරුත්ථාපනය සදහා සූදානම් වන්න.

රෝගියා සිහියෙන් සිටිනවා වුව ද, ඔහුව/ඇයව ආරක‍ෂිත ඉරියව්වේ තබා ඔහුට/ඇයට ශරීරගතවී ඇති දේ දැනගැනීමට උත්සාහ කරන්න. රෝගියාට වමනය කිරීම සදහා පෙළඹවීමට උත්සාහ නොකරන්න.

රෝගියා විසින් වේගයෙන් ශරීරයට උරාගන්නා ඉතා පීඩාකාරී විෂ ද්‍රව්‍යයක් ලබාගෙන ඇත් නම් කීපවරක් දී ජලය උගුරු කීපයක් හෝ ජලය නොමැති නම් කිරි උගුරු කීපයක් ලබා දෙන්න. රෝගියා පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය නම්, ඔබව ආරක‍ෂා වීම සදහා සම්බාධකයක් පාවිච්චි කිරීමට ඔබට සිදු වේ. මුඛය තබන ස්ථානයේ සිදුරක් සාදා ගන්නා ලද ප්ලාස්ටික් බෑගයක් හදිසි අවස්ථාවක දී මෙම කාර්ය සදහා යොදාගත හැකි ය.

රෝගියා වමනය කරයි නම්, වෛද්‍යයවරුන්ට ඉදිරිපත් කිරීම සඳහා ඒවායේ සාම්පලයක් තබා ගන්න.

ඔබගේ ආරම්භක ක්‍රියාවලිය සිදුකරන්න.

ඔබගේ නිරාවරණය වූ දෑත් වලින් රෝගියාගේ විෂ ගෑවී ඇති ප්‍රදේශය අල්ලන්න එපා.

ජලය වැඩි ප්‍රමාණයක් ගෙන විෂ ද්‍රව්‍යය සෝදා හරින්නග විෂ ද්‍රව්‍යය ඔබගේ සිරුරට හෝ රෝගියාගේ ඇස්ල මුඛය හෝ නාසයට විසිවීමට ඉඩ නොදෙන්න.

අදාල රසායන ද්‍රව්‍යය පිළිස්සෙන සුලූ නම් ඔබ විසින් අඩු වශයෙන් මිනිත්තු විස්සක් පමණ කාලයක්වත් නොකඩවා මෙම විෂ සෝදා හැරිම කරගෙන යා යුතු යග එක් වරක් සේදීමට ගත් ජලය නැවත නැවත පාවිච්චි නොකළ යුතු ය.

හැකි සෑම අවස්ථාවකම විෂ ද්‍රව්‍යය මගින් විනාශ වී නරක් වූ ඇඳුම් ඉවත් කළ යුතු අතර එසේ කිරීම ආරක‍ෂාව සදහා ඉතා උචිත වේ. මේ සදහා අත්මේස් පාවිච්චි කරන්න- හැකි නම් රෝගියාගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක‍ෂා කිරීමට උත්සාහ කරන්න.

රෝගියා සිහිසුන් ව සිටී නම් ඔහුව / ඇයව ආරක‍ෂිත ඉරියව්වේ තබා ක්‍රියාවලිය පරීක‍ෂා කර බලන්න.

විෂ ගෑවී ඇති අදාල ප්‍රදේශය නිතරම සේදීම කරගෙන යන්නග පුනරුත්ථාපනය සඳහා සූදානමින් සිටින්න. මුහුණට විෂ ස්පර්ශ වී මුහුණ නරක් වී ඇති විට රෝගියා සහ ඔබ අතර සම්බාධකයක් පාවිච්චි කරන්න.

:ඉහත වගන්තිය බලන්න.

විෂ ශරීර ගතවීම

ඔබගේ ආරම්භක ක්‍රියාවලිය සිදු කරන්න.

රෝගියා සිහිසුන් ව සිටි නම් එවිට ඔහුව/ ඇයව ආරක්ෂිත ඉරියව්වේ තබාක්‍රියාවලිය පරීක්ෂා කර බලන්න. පුනරුත්ථාපනය සඳහා සුදානම් වෙන්න.

රෝගියා සිහියෙන් සිටිය ද, රෝගියාව ආරක්ෂිත ඉරියව්වේ තබා නිශ්චලව තබන්න. ක්‍රියාවලිය පරීක්ෂා කර බලන්න.

හැකිනම් ශරීරගත වු විෂ ද්‍රව්‍ය හදුනාගැනීමට උත්සාහ කරන්න. වෛද්‍ය සේවා සඳහා අදාල විෂ ද්‍රව්‍යයෙහි වස්ති කිරිම්. ඒවායෙන් ලැඛෙන අංශ සහ සාම්පල තබාගන්න. මෙම වස්ති කිරීම් ආදිය සමග කටයුතු කරන විට, එම ද්‍රව්‍යය රුධිරය සමග විෂ අන්තර්ගතව නරක්විය හැකි බැවින් ඔබ ඉතා ප්‍රවේශම් සහගත විය යුතු ය.