සුවවීමේ ස්ථාපිතය

 

VIDEO 5 - සුවවීමේ ස්ථාපිතය


මූලික කරුණු
ස්වසන මාර්ගය අවහිර වී ඇති නිසා සිහිසුන් වී ඇති තැනැත්තකු මිය යාමට ඉඩ ඇත.
බොහෝ අවස්ථාවල දී තුවාලකරු සුවවීමේ ස්ථාපිතයේ තැබීමෙන් මෙය වලක්වා ගත හැකි ය. රෝගියා සුවවිමේ ස්ථාපිතයේ තැබීමට පෙර, උචිත ආරම්භක තක්සේරු පියවර (DRABC) කර ගෙන යාමට මතක තබා ගන්න.

ඉලක්කය

රෝගියාගේ ස්වසන මාර්ගය විවෘතව පවත්වාගෙන යෑම

සුවවීමේ ස්ථාපිතය
පහත දැක්වෙන පියවර මගින් රෝගියා සුවවීමේ ස්ථාපිතයේ තබන්න.
රෝගියාට හැකිතාක් සමීපව ඔහුගේ පසෙකින් දණ ගසන්න.
නිකට එසවීමෙන් සහ ප්‍රවේශමෙන් හිස පිටුපසට හැරවීමෙන් ස්වසන මාර්ගය විවෘත කරන්න.
දරුණු ලේ ගැලීම් සහ ප්‍රධාන කැඩුම් බිඳුම් ඇද්දැ යි බැලීම සඳහා ඉක්මන් ශරීර පරීක‍ෂාවක් කරන්න.
රෝගියාගේ ඔබ සිටින පැත්තට විරුද්ධ පැත්තේ අත ගෙන අත්ල උඩු අතට සිටින පරිදි ඔබ ළඟට ගන්න.
රෝගියාගේ අත්ල උඩු අතට හරවන ලද අත ඔහුගේ පපුවට ඉහළින් ගෙන රෝගියාගේ කම්මුල මත තබන්න. ඔබගේ අනිත් අතින් රෝගියාගේ අත අල්ලා ගෙන සිටින්න.
ඔබට තරමක් ඉවතින් ඔබගේ අනෙක් අත පාවිච්චි කරමින් රෝගියාගේ පාදයේ කලවා ප්‍රදේශය අල්ලාගෙන දණ හිස ඉහළට අදින්න යටි පතුල පොළොවට සමාන්තර ව පවතින බවට තහවුරු කරගන්න.

රෝගියා උඩුකුරුව දිගා කරවා රෝගියාගේ අතක් ඔහුගේ කම්මුලට තදවන සේ තබා ගෙන උඩුකය නොසෙල්වෙන සේ රෝගියාගේ පාදයක කලවායෙන් අල්වා ගෙන එම පාදය නමා තමා දෙසට ඇද ගැනීම.

ස්වසන මාර්ගය විවෘත වන පරිදි හිස පිටුපසට සෙමින් හරවා අවශ්‍යය නම් හිසට ආධාර වන පරිදි අත කම්මුල යටින් තබා සකස් කරන්න. මුඛය පොළොව දෙසට හැරී ඇති බවට සහතික වන්න.

දණහිස සහ ඉණ නිවැරදි කෝණයෙන් සිටින පරිදි උඩු පැත්ත ඇති පාදය ඉණ දෙසට ගෙන එන්න.

රෝගියා සාමන්‍ය ආකාරයට ස්වසනය කරන්නේ දැයි පරීක‍ෂා කර බලන්න.

රෝගියාගේ සිරුරේ පිටුපස යම් ලේ ගැලීමක් ඇත්දැ යි පරීක‍ෂා කර බලන්න

සිහිසුන් වී ඇති ඕනෑ ම රෝගියකු රෝහල වෙත යැවිය යුතු ය. කිසිදු උපකාරයක් ලබාගත නොහැකි නම් ගිලන් රථයක් ගෙන්වා ගන්න.

ඔබ පමණක් සිටී නම් උපකාර ලබාගැනීම සඳහා රෝගියා සිටිය දී ඔබට ම යාමට සිදු වේ.

මෙම ඉතා සරල ක්‍රියාව මගින් විශාල ජීවිත ගණනාවක් බේරාගත හැකියි.උපකාර නොමැතිවීම

ගිලන් රථයක් සොයාගැනිමට නොහැකි නම්. රෝගියා, සුවවීමේ ස්ථාපිතයේ තබා ඔහු ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත හැකි වෙනත් ප්‍රවාහන ක්‍රමයක් යොදා ගන්න

ත්‍රිරෝද රථයක් භාවිත නොකරන්න.