කම්පනය/ප්‍රහාරය
කම්පනයක් සම්බන්ධයෙන් වූ රෝග ලකෂණ, නිමිති හා ප්‍රතිකාර
වැදගත් කරුණු
රෝගියාගේ ඇඟ දුර්වල වී, සීතල වී ඔහුගේ සම සුදු මැලි වී ඇලෙන සුළු ගතියක් පෙන්නුම් කිරීමට ඉඩ ඇත. මෙහිදී ඇඟේවෙව්ලීමක් ද සිදු විය හැක.
දුර්වල වෙමින් පවතින වේගවත් නාඩිවැටීම.
වේගවත් නොගැඹුරු ස්වසනය
රෝගියාට දුර්වල බව සහ කරකවීල්ල දැනීම
රෝගියාට රෝගාතුර බව දැනීම සහ වමනය යෑම
රෝගියා අධික ලෙස වෙහෙසට පත්වීම.
රෝගියාගේ සිත අවුල් සහගත බව සහ අවිවේකී බව දැනීම, බොහෝ විට කලහකාරී වීම
ඉතා අපහසුවෙන් ස්වසනය කිරීම, සහ කතා කිරීම. (ස්වසන අපහසුතාවය)
රෝගියාගේ සිහිය අඩු වී සිහිසුන් බවට පත්විය හැකි ය.
අවසානයේ රෝගියාගේ ස්වසනය දුර්වල වී හදවත නැවතිය හැක.
ඉලක්කය
කම්පනය සඳහා බලපා ඇති දෘශ්‍යමාන සාධකය පිළිබඳ ව සැලකිලිමත් වීම
මොළය, හෘදය වස්තුව සහ පෙණහලූ කරා රුධිරය සැපයීම වැඩි කිරීම.
ඉක්මනින් ම වෛද්‍ය උපකාර ලබා ගැනීම
ප්‍රතිකාරය
සෑම හදිසි අවස්ථාවක ම ක්‍රියාකරන ආකාරයට ම තක්සේරු කර ප්‍රමුඛතා අනුව ප්‍රතිකාර කරන්න. කම්පනය සඳහා ප්‍රතිකාර කිරීම මෙයින් ඇරඹේ.
රෝගියාගේ තුවාල ඇත් නම් ඔහුගේ හිස පහතට වැටෙන පරිදි රෝගියාව බිම දිගාකර කකුල් සෙමෙන් ඔසවන්න. (කොට්ට පාවිච්චි නොකරන්න.)
මොළය වැනි මූලික ඉන්ද්‍රියන් කරා රුධිරය ගමන් කිරීමට මෙය උපකාරි වේ.
රෝගියා හැකි තාක් නොසෙල්වන සේ තැබීමට උත්සාහ කරන්න. ඔහුගේ සිත සනසන්න.
රෝගියාගේ ගෙළ, හෘදය සහ ඉන වටා ඇති ඇඳුම් ලිහිල් කරන්න.
රෝගියාගේ සිරුරට යටින් බ්ලැන්කට් එකක් තබන්න තවත් බ්ලැන්කට්ටුවක් පොරවන්න. රෝගියා මත බ්ලැන්කට් හෝ කබායවල් ගොඩගැසීමට උත්සාහ නොකරන්න. එය රෝගියාට හානිකර විය හැක.
උපකාර ඉල්ලා සිටින්න. (වෛද්‍ය උපකාර හෝ ප්‍රවාහනය)
රෝගියාට කෑමට හෝ බීමට කිසිවක් හෝ දුම් පානය කිරීමට ඉඩ නොදෙන්න.
රෝගියා පිපාස බව කියා සිටී නම් ඔහුගේ තොල් තෙමන්න.
පෑනක්/ කඩදාසියක් ඇත්නම් රෝගියාගේ ස්වසනය නාඩි වැටීම සහ සිහිය ඇති ප්‍රමාණය සටහන් කරගන්න.
රෝගියා සිහිසුන් වේ නම් එවිට ඔහු ව සුවවීමේ ස්ථාපිතයේ තබන්න.
ඔබගේ තීන්දු හා ප්‍රථමාධාර පිළිබඳ ව වෛද්‍යවරුන්ට දැනගැනීම සඳහා අදාළ සටහන් ලබා දෙන්න.
ඔබට රෝගියා පුනරුත්ථාපනය කළ හැක.
එපා (නොකළ යුතුය)
රෝගියාව සොලවන්න එපා. (එසේ කිරීම රෝගියා අනතුරෙන් බේරාගැනීමට නොවන්නේ නම්)
ඍජු උණුසුමක් ලබා දෙන්න එපා.
රෝගියා හුදකලාව තබන්න එපා (ඔබ විසින් උපකාර ලබාගැනීමට හෝ වෙනත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යෑමට නොමැති නම්)
රෝගියාට ආහාර ගැනීමට හෝ කිසිවක් බීමට ඉඩදෙන්න එපා.
රෝගියාට දුම්පානය කිරීමට ඉඩ දෙන්න එපා.
සටහන
කම්පනයට බලපෑ හේතුව අනුව තත්ත්වය වෙනස් විය හැකි ය







