මෘදු පටකවල තුවාල

මෘදු පටක තුළ සිදුවන තුවාල සම්බන්ධ රෝග ලක්ෂණ හා නිමිති

මෘදු පටක තුළ සිදුවන තුවාල ප්‍රධාන කාණ්ඩ 02කට ඛෙදිය හැකි ය.

මස්පිඩු සහ හන්දිපත්


මස් පිඩු පෙරලීම

ශරීරයේ මස්පිඩු හෝ බලනහරයට සිදුවන හානියක් මින් අදහස් වේ. චලනයන් සඳහා ශක්තිය ලබාදෙන්නා වු කෝෂ මගින් මස් පිඩු සැකසී ඇත. බලනහර යනු මස් පිඩු අස්ථීවලට සම්බන්ධ කරන්නා වු රළු කෙඳි සහිත ද්‍රව්‍ය වලින් සකස් වුණු පටියක් වැනි දෙයකි.

උළුක්කුවිම

අස්ථී බන්ධනයට සිදු වී ඇති හානියක් මින් අදහස් කෙරේ. අස්ථී බන්ධනය යනු
හන්දිපත්වලට උපකාරය ලබාදෙන්නා වු රළු කෙඳි සහිත පටක වලින් සෑදුණු පටියක් වැනි දෙයකි.
ශරීරයේ මස් පිඩු පෙරලිම ඕනෑම ස්ථානයක ඳී සිදුවිය හැකි වේදනා සහගත ආබාධ වන අතර එවැනි මස්පිඩු පෙරලීම් හදිසියේ මස්පිඩු ක්‍රියාත්මක වන විට සහ ක්‍රිඩා වලදී සිදුවන ආබාධ වැනි ~~ බලාපොරෝත්තු නොවන~~ අවස්ථාවල දී සිදුවිය හැකිය. හන්දිපත් හරහා උළුක්කුවිම් නිතරම සිදුවිය හැකි අතර හන්දිපත්වල හදිසි ගැටගැසීමක් හෝ විහිදී යාමක ප්‍රතිඵලයක් වශයෙන් ද උළුක්කුවීම් සිදුවිය හැකි ය. උළුක්කුවීමක් හා බිඳීමක් අතර වෙනස ප්‍රකාශ කිරීම අපහසුවිය හැකි ය. හන්දිපත්වලට ලැඛෙන අධික බලයක් මෙම හන්දිපත් ~~ අක්‍රමවත් ලෙස පිහිටිමට~~ හේතු විය හැකි ය.
මෙය සිදුවනුයේ හන්දිපත් දරුණු වේදනාවක්ද ලබාදෙමින් දෘශ්‍යමාන ආකාරයට හන්දිපත් තිබු ස්ථානයෙන් ඉවතට පැනීම සිදුවීම මෙහිදී දැක ගත හැක.

රෝග ලක්ෂණ හා නිමිති

මෘදු පටක තුවාල වල බාහිර ලක්ෂණ හදුනා ගැනීම. බිඳීම්වල බාහිර ලක්ෂණ හඳුනා ගැනීම හා සමාන වේ. සිදුවී ඇති ආබාධය බිඳීමක් ද එසේත් නැත් නම් මෘදු පටක ආබාධයක් ද යන්න පිළිබඳව යම් කිසි සැකයක් ඇති විට බිඳීමකට සිදු කරන ආකාරයකට ප්‍රතිකාර ලබා දෙන්න.

ඉලක්කය

වේදනාවන් සහ ඉදිමීම අඩු කිරීම
අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම

ප්‍රතිකාර

DRABC ක්‍රියාවලිය පළමුව තක්සේරු කරන්න.
රෝගියා වාඩිකරවීම හෝ දිගා කරවීම සිදුකරන්න.
රෝගියාව නිවැරදි ආකාරයට විවේක ගැනීමට ඉඩහැර ආබාධය ඇතිවූ ස්ථානය පහසුවෙන් තබන්න. ආබාධය සිදු වී ඇත්තේ අවයවයකට නම් එම අවයවය ඉහළට ඔසවා තබන්න.

ආබාධය අතක හෝ කකුලක වූවක් නම් අයිස් පැකට්ටුව හෝ සිසිල් පීඩනයක් වේදනාව ඇති ස්ථානයේ යොදන්න.

සැලකිය යුතු ය: ඔබ අයිස් භාවිත කරන්නේ නම් එමගින් සම පිළිස්සීමක් සිදුවිය හැකි බැවින් අයිස් තුවායක හෝ ඊට සමාන රෙදිකඩකින් ඔතා ඉහත කාර්යය සඳහා පාවිච්චි කරන්න.

ආබාධය සිදු වී ඇත්තේ අවයවයකට නම් අයිස් පැකට්ටුව ආවරණ ස්ථරයකින් ඔතා අදාල ස්ථානයේ ප්‍රවේශමෙන් වෙලන්න.

ආබාධ සහිත අවයවය ඉහළින් තබා වෙළුම් පටිය ඉතා තදින් ගැටගසා නැති දැයි පරීක්ෂා කර බලන්න. තදින් ගැටගසන ලද වෙළුම් පටියක් මගින් වෙළුම් පටියට යටින් පුපුරු ගසමින් සහ සම අවර්ණ වෙමින් වේදනාව සහ ඉදිමීම වර්ධනය වීමට හේතු වේ.


තුවාලකරු ප්‍රතිකාරය සඳහා නිසි ප්‍රතිචාරයක් නොදක්වයි නම්, උදා:- මින්ත්තු 15 -20 කට පසුව වේදනා අඩු නොවේ නම් හෝ තුවාලයේ භයානක කම ගැන ඔබට විශ්වාසයක් නොමැති නම් එවිට රෝගියා ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න.

මෘදු පටක තුවාල සඳහා ප්‍රතිකාර පහත දැක්වෙන ආකාරයට සංක්ෂිප්ත කොට දැක්විය හැකිය.
- විවේකය - REST
- අයිස් - ICE
- පීඩනය - COMPRESS
- ඔසවා තැබීම - ELEVATE

බිදීම්වල රෝග ලක්ෂණ නිමිති සහ ප්‍රතිකාර

 

මූලික කරුණු

බිදීම් යනු අස්ථීයක් කැඩීම හෝ පිපිරීම වේ. අස්ථීයකට හානි සිදු වීම සඳහා විශාල බලයක් අවශ්‍ය වන නමුත් අස්ථී වලට බලපාන්නා වූ රෝගයක් සම්බන්ධයෙන් අස්ථීයකට හානි වීම සඳහා අවශ්‍යය වනුයේ අඩු බලයකි.

අස්ථීයක් බිදීම ක්‍රම කිහිපයකට සිදුවිය හැකිය.

පතුරු යෑම හෝ ඉරිතැලීම
අස්ථීය ඉතා පැහැදිලි ලෙස බිඳී තිබීම
ගැටගැසි හෝ පැලීතිබිම
පොඩි වි හෝ කැබලි වි තිබිම
රුධිර නාලිකා සහ පටක වලට හානි සිදු වි තිබිම
අස්ථී බිදෙන විට, ඒ වටා ඇති පටක වලට පවා හානි සිදු විය හැකිය. තුවාලය මතට ලැබුණු බලය අනුව හානියේ ප්‍රමාණය රදා පවතිනු ඇත. සාමාන්‍ය අස්ථී බිදිමකදි පටක වටා සිදුවන හානිය අවම විය හැකි නමුත් අස්ථීයේ කෙළවර හම තුලින් ඉදිරියට නෙරා ඒමක් සිදු විය හැකිය. දරුණු බිදිම් වලදී, අස්ථී වල කෙළවරවල් මගින් ශරීර අවයව හෝ ප්‍රධාන රුධිර නාලිකා වලට හානි සිදුවිය හැකිය.

වෙලුම් පටි බැදීම -

VIDEO 27 BANDAGING - SLINGS

 

 

VIDEO 28 BANDAGING - SLINGS

 

VIDEO 29 BANDAGING - HOW TO TIE A SLING

 

 

 


 

 

 


 

 

වෙලුම් පටි බැදීම - අත