ඉක්මන් ශාරීරික පරීක‍ෂාව

ඉක්මන් ශාරීරික පරීක‍ෂාව (හිසේ සිට දෙපතුල දක්වා)

 

මූලික කරුණු

ඔබ විසින් රෝගියාට මුලික හදිසි ප්‍රතිකාර සපයා ඇති අවස්ථාවක රෝගියා
සම්බන්ධයෙන් තවදුරටත් අයහපත් ලෙස බලපෑ හැකි වෙනත් නිමිති හෝ වෙනත් තුවාල ඇත්දැ යි සොයා බැලීම. ඊළඟ පියවර වේ.

රෝගියාගේ මෙම අවයව හා පද්ධතීනට අන්තරාංග පරීක‍ෂණ සම්බන්ධ පරීක‍ෂණ ක්‍රියාවලි ද්විතීය සමීක‍ෂණය යනුවෙන් (සිරුර පරීක‍ෂාව) හඳුන්වනු ලැබේ.

පළමු ප්‍රථමාධාර කාර්යය පටිපාටියේ ආකාරයට ම අපට ඉතා සරල ක්‍රම වේදයක් අනුගමනය කළ හැක. ද්විතීය සමීක‍ෂණය (සිරුර පරීක‍ෂාව) සිදු කිරීමේ දී රෝගියාගේ

ශරීරය ප්‍රතිවිරුද්ධ පැති සසඳා වෙනස පරීක‍ෂා කිරීමට ඔබට ඔබගේ අත් දෙක ම පාවිච්චි කිරීමට සිදු වේ. රෝගියා සහ රෝගියාගේ පෙනෙන්නට ඇති තත්ත්වය දෙස ප්‍රවේශමෙන් බලන්න. රෝගියාගෙන් සහ අවට සිටින්නන්ගෙන් ප්‍රශ්න ඇසීමට සහ ඔවුන්ගේ පිළිතුරුවලට ඕනෑකමින් සවන් දීමට අමතක නොකරන්න. ඔබට ඇතැම් ආඝ්‍රාණයක් දැනීම මගින් යම් නිමිත්තක් ලබා ගත හැකි බව ද මතක තබා ගන්න. උදාහරණ: රසායන ද්‍රව්‍ය ය අඝ්‍රාණය, මධ්‍යසාර ආදිය.

කාර්යය පටිපාටිය පිළිබඳව විමසා බලමු. ආරම්භක තක්සේරුව ඔබ විසින් කර ගෙන යා යුතු බවට මතක තබා ගත යුතු අතර, අවශ්‍ය නම් රෝගියා ආරක‍ෂිත ඉරියව්වෙන් තබන්න.

සිහිසුන් රෝගියෙකු සම්බන්ධයෙන් ද්විතීය සමීක‍ෂණයක් පවත්වා ගෙන යා හැකිය.

 

ඉලක්කය

අවයව පද්ධතියට සම්බන්ධ ප්‍රවේශයක් මගින් රෝගියාට තිබිය හැකි තුවාල සහ වෙනත් ගැටළු හඳුනා ගන්න

ද්වීතිය සමීක‍ෂණය (සිරුර පරීක‍ෂාව හෝ හිස මුදුනේ සිට දෙපතුල දක්වා සමීක‍ෂණ

රෝගියා සිහිසුන් ව සිටින විට ඔහුට නොදැනී ම වමනය ඇති වී ස්වසන මාර්ගය අවහිර වීමට ඉඩ ඇති බව මතක තබා ගත යුතු ය. එම නිසා ද්වීතීය පරීක‍ෂාව(සිරුර පරීක‍ෂාව) ආරම්භ කිරීමට පෙරාතු ව සුවවීමේ ස්ථාපිතයේ තැබීම වාසි සහගත විය හැකි ය.

ශරීරයේ කඩතොලූ වීම්, ලේ ගැලීම් හෝ ඉදිමීම් සොයා බැලීම සඳහා අදාල තැනැත්තාගේ හිසේ කෙස් අතරින් ඔබේ ඇගිලි යවා සම පරීක‍ෂා කරන්න. මේ අවස්ථාවේ දී රෝගියාගේ හිස සහ ගෙළ නොසෙල්විය යුතු ය. ගෙළෙහි කශේරුවට තුවාල සිදුවී තිබිය හැකි ය.

කන් දෙකෙහි ලේ හෝ සැරව ඇත්දැ යි බලන්න.

ඇස විවෘත කර කළු ඉංගිරියාවේ ප්‍රමාණය සහ ආලෝකයට ඇති ප්‍රතිචාරය පරීක‍ෂා කර බලන්න. ඇස් දෙකේ ම කළු ඉංගිරියාවන් ප්‍රමාණයෙන් එකිනෙකට සමාන වීම, සහ එක සමාන ලෙස ප්‍රතිකි්‍රයා දැක්වීම සිදුවිය යුතු ය.

නාසයේ රුධිරය හෝ සැරව ඇත්දැයි පරීක‍ෂා කර බලන්න.

රෝගියා අනවශ්‍ය ලෙස නොසෙල්වෙන සේ ඔහුගේ/ඇයගේ ඉල ඇට ප්‍රදේශයේ පැති 2 මත ඔබගේ අත් තබා උකුල ප්‍රදේශය සෙලවෙන සේ රෝගියා සොලවන්න.

රෝගියාගේ ප්‍රජනනඉන්ද්‍රියන් ගෙන් හෝ ගුද මාර්ගයෙන් ස්‍රාවයක් හෝ ලේ ගැලීමක් සිදුවේ දැයි පරීක‍ෂාකර බලන්න.

රෝගියාගේ පාද දෙකෙහි තුවාල හෝ ඉදිමීම් ඇත්දැ යි පරීක‍ෂා කර බලන්න.

රෝගියා සිහියෙන් සිටී නම්, ඔහුගේ පාදවල හන්දි සෙලවීමට උපදෙස් දෙන්න.

එක් එක් පාද සහ වළලූකරවල් වල ඉදිමීමක් අක්‍රමිකතාවක් හෝ සෙලවීමක් ඇත්දැයි පරීක‍ෂාකර බලන්න.

ඔබ සමීක‍ෂණය අවසන් කළ පසු ඔබට හමු වී ඇති ප්‍රශ්න පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබ රෝගියාගේ යම් අක්‍රමිකතාවක් පිළිබඳ ව සටහන් කර ගෙන ඇත් නම්, එම තොරතුරු හදිසි අනතුරු සේවාවලට හෝ රෝහල වෙත යොමු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.