මොහොතක් සිතන්න..
ඔබ තුවාල වුවහොත්, හෝ අනතුරකට පත්වුවහොත්, ඔබට සුවපත්, සතුටින් පිරුණු, ජීවිතයත්, හෝ
මරණය, හෝ විකලාංග භාවයට පත්වීමෙන් වැලැකිවීමට අවශ්‍ය ප්‍රථමාධාර කිරීමට දැනුම ඇති, ඔබව බේරාගැනීමට හැකි කෙනෙක් ළඟ සිටීම ගැන ඔබ කැමති වන්නේ නැද්ද?
ඹබට හිතවත් කෙනෙක් ළඟ සිටින විට එකෙනාට අනතුරක් වුවිට හෝ ලෙඩක් ඇති වුවිට එකෙනා බේරා ගත හැකි දැනුම තමාට තිබිමට උනන්දු වන්නේ නැද්ද? එසේ නැත්නම් එකෙනා මරණයට පත්වන විට කිසිම දෙයක් කිරීමට නොහැකිව අසරණව බලාසිටීමට ඔබට සිදුෙව්ද?
ඔබට ප්‍රථමාධාර දැන සිටියේ නම් එකෙනාට සුවයක් ලබාදීමට හෝ ජීවිතය බේරාගැනීමට ඔබට හැකි වනු ඇතැයි දැන සිටින නමුත් ප්‍රථමාධාර නොදන්නා නිසා කෙනා අයහපතකට පත්වුවා නම් ඔබට කෙසේ හැඟේද?
මේ අන්තර්ජාල මෙහෙයුම ඇත්තේ ශ්‍රි ලංකාවේ ජනයාටයි. මේ මෙහෙයුමෙන් තමන් සහ අනුන් බේරාගැනීමට දැනුම ලැබෙනු ඇත.
මේ අන්තර්ජාලස්ථානය සාදා ඇත්තේ ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් ලැබුණු ආධාර වලින්ය. දැනුම දී ඇත්තේ ශාන්ත යොහාන් ගිලන් රථ සංගමය විසින්ය. මේ ආයතනය අන්තර්ජාතික සහ ජාතික වශයෙන් ප්‍රථමාධාර පුහුණු පාඨමාලා වලට ප්‍රසිද්ධ නාමයක් ඇත.
ක්‍රමවත්ව ඉගෙනගැනීමට සහ දැනුම සඳහා අපේ පාඨමාලාව කරන්න. මේ අන්තර්ජාල මෙහෙයුම ප්‍රථමාධාර, වෛද්‍ය සංවිධාන මගින් සහතික කරනු ලැබේ.
ඔබට ඉගෙනගැනීමට අවශ්‍ය මට්ටම තෝරාගත හැක.
හදිසි අවස්ථා විසඳීමට හැකිලෙස ඉගෙනගත හැක.
උසස් ශිෂ්‍යයෙක් ලෙස අනුන්ට ඉගැන්විමට පුහුණුව ලබාගත හැක.
වෛද්‍ය හෝ අනුපුරක වෛද්‍ය සේවකයෙක් ලෙස රැකියාව ලබාගත හැක.
නමුත් ප්‍රධාන ලෙස අප රටේ පුරවැසියෙක් ලෙස පුහුණුව ලබාගත හැක. එවිට ඊළඟ වරට ආපදාවක් ඇති වූ අවස්ථාවේ අනුන්ට උදව් කළ හැක.
සිංහල උපදේශ
මේ අන්තර්ජාලස්ථානයේ සංස්කරණ කීපයක් ඇත. මේවල තිරයේ විශාලත්වය අනුව සහ දෘශ්‍ය හැකියාව අනුව තෝරාගත හැක. ළඟාවීමකියාව ගැන අප ඉතා බරපතල ලෙස සලකමු
අන්තර්ජාලයේ තොරතුරු වලට සියලු දෙනාට සමාන ලෙස ළඟාවීමේ හැකියාව තිබිය යුතු යැයි සහ විශේෂ අවශ්‍යතා ඇති අයට එම අවශ්‍යතා ඉටු කිරීමට අපේ අන්තර්ජාලස්ථානවලින් සහ ඒවායේ සැලසුමෙන් අපේ හැකියා අනුව උපරිම ලෙසට ඉටුකිරීමට අප සම්පූර්ණ උත්සාහය දරනු ඇත.
සම්පූර්ණ පෙනීම නැත්තන්ට සහ වයස නිසා පෙනීම දුර්වල අයට වීශාල අකුරු වලින් අන්තර්ජාලස්ථානයේ සංස්කරණ සාදා ඇත.
ප්‍රථමාධාරය ඉගෙනගෙන අනුන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබීමට සහ ප්‍රථමාධාරය ලබාගෙන තමාගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථාව සැම කෙනෙකුටම ලැබිය යුතුය.
සිංහල පෙලපොත


